The Grand Ward Place මහේශාක්‍ය දිවියක ඇරඹුම

    March, 24, 2021

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප‍්‍රයිම් සමූහය තම 25 වසරක අත්දැකීම් සමග ස්වර්ණමය පිය සටහනක් තබමින් කොළඹ 7 වෝඞ් පෙදෙසේ ඉදිකෙරන උසම සහ මෙරට ඉදිකෙරෙන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය  වන jk 'The Grand' ඉදිකරමින් දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයට නොමැකෙන සළකුණක් එක් කිරීමට සමත් වී තිබේ.

    මීටර් 160ක උසක් සහිතව ඉදිවන අති සුඛෝපභෝගී The Grand Ward Place' නිවාස සංකීර්ණය ආසියාවේ ඉහළම පිළිගැනීමක් සහිත PropertyGuru Asia Property Awards උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨතම අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) ව්‍යාපෘතිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය අවට එදිනෙදා ජීවිතය පහසු කරවන පහසුකම් වන සුපිරි වෙළෙඳ සැල්, අවන් හල්, රූපලාවන්‍යාගාර, Spa, උත්සව ශාලා, මෙන්ම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පුද්ගලික සහ රජයේ පාසල් පිහිටා ඇත.

    ‘‘ඔබේ අනන්‍යතාව පිළිබිඹු කරන මූලික සාධකයක් ලෙස ඔබ ජීවත්වන පරිසරය නිසැක වශයෙන්ම සඳහන් කළ හැකියි. විශිෂ්ටත්වයෙන් පිරුණු අසම සම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අපි නිරතුරුව කැපවී සිටින බැවින් මහේෂාක්‍ය ජීවන රටාවකට අවැසි සියලූ සාධකයන් The Grand Ward Place' නිවාස සංකීර්ණය ඔස්සේ ලබා දීමට අපි සියලූ පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙම නිවාස සංකීර්ණයෙහි ඇතුලත සහ පිටත නිමාව, ගෘහනිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය, ඉතා ඉහළ අවධානයක් යොමු කර ඇති නිවාස හිමියන්ගේ පුද්ගලිකත්වය සහ සුවපහසුව සමග ඉදිවෙන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය මෙරට විශිෂ්ටතම ඉදිකිරීමක් බවට පත් වනු නිසැකයි. මෙය ඉදිවන භූමි ප‍්‍රදේශය කොළඹ නගරයේ ආර්ථික සහ සාමාජීය වශයෙන් ඉහළම අගයක් සහිත ස්ථානයක් බැවින් මෙහි නිවාස හිමිකරුවන් කොළඹ නගරයෙහි අද්විතීය ලිපිනයක අයිතිකරුවන් බවට පත් වන අතරම මෙය ජීවිතකාලයක් පවතින ස්වර්ණමය ආයෝජනයක් ලෙස හඳුන්වා දිය හැකියි’’ යනුවෙන් ප‍්‍රයිම් සමූහයේ සභාපති පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා පැවසීය.

    The Grand Ward Place' අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය මෙරට නිවාස ක්ෂේත‍්‍රයේ අග‍්‍රගන්‍ය නිර්මාණයක් වන බැවින් එහි අනර්ඝත්වය සුපිරි නිවාස සංකීර්ණයෙහි සෑම බිම් අ`ගලකින්ම මූර්තිමත් කෙරේ. සැලසුම, ලොව සුපිරිතම ගෘශනිර්මාණ විශිෂ්ටත්වය, උසස්ම තත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය සහ නිවාස අලංකරණ උපාංගයන්ගෙන් මෙම සුපිරි නිවාස සංකීර්ණය සමන්විත වනු ඇත. The Design Group Five International මෙහි ගෘහනිර්මාණ උපදේශකත්වය දරණ අතර දකුණු ආසියාවේ විශාලතම ඉදිකිරීම් සමාගමක් වන මාගා ඉන්ජිනියරින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. මීට අමතරව ජාත්‍යන්තර අත්දැකීම් සහිත ගෘහ අලංකරණ ශිල්පීන්, ආකෘති නිර්මාණ ඉංජිනේරු වෘත්තිකයින්, ගොඩනැගිලි උපදේශකයින් සහ ප‍්‍රමාණ සමීක්ෂණ වෘත්තිකයින් designers, structural engineers, reviewers, testing consultants, and quantity surveyors & මෙම ව්‍යාපෘතිය හා එක්ව සිටිති.

    මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙහි තවත් එක් සුවිශේෂත්වයක් වන්නේ මීටර් 125ක් ඉහළින් එනම් මෙහි 32වන මහලෙහි ඉදිවන මීටර් 71ක දිගින් යුතු ඉන්ෆිනිටි ^Infinity& පිහිණුම් තටාකයයි. වැඩ නිම කිරීමෙන් අනතුරුව කොළඹ නගරයෙහි පිහිටි ඉහළම උසකින් පිහිටි දිගින් වැඩිම පිහිණුම් තටාකය බවට මෙය පත් වන අතර පසෙකින් ඉදිවන Sky Bar සහ අවහන් හලේ සිට කොළඹ අහසේ චමත්කාරය විඳ ගැනීමට The Grand Ward Place නිවාස හිමියන්ට හැකි වනු ඇත. මීට අමතරව සෑම නිවාස හිමියකුටම ප‍්‍රධාන රථ නැවතුම් අංගනයේ   පහසුකම් හිමිවන අතර විදුලි මෝටර් රථ ආරෝපණය සඳහා පහසුකම් ද සම්පාදනය කර ඇත.

    The Grand Ward Place හි ගෘහයන්හි අභ්‍යන්තර නිමාව ජාත්‍යන්තර මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා මීට එක් කර ඇති සෑම උපාංගයක්ම ඉහළ ගුණාත්මක බවකින් සමන්විතව ලබා දීමට ප‍්‍රයිම් සමූහය කටයුතු කර ඇත. මෙහි නිවාසයන්හි මුළුතැන්ගෙයි නිමාව සහ ගෙබිම නවීනතම ඉදිකිරීම් තාක්ෂණය භාවිතා කරමින් සිදු කෙරෙන අතර පුද්ගලිකත්වය සහ උපරිම සුවපහසුව සඳහා දැඩි අවධානයක් යොමු කර ඇත.  තනි ගොඩනැගිල්ලක් ලෙස ඉදිකෙරෙන සුපිරි නිවාස සංකීර්ණයෙහි තවත් විශේෂත්වයක් වන්නේ පුද්ගලිකත්වය උපරිම අන්දමින් ආරක්ෂා වන ලෙස මෙම නිවාස ඉදිකෙරන බැවිනි. පුද්ගලිකත්වය සුරැකෙන මෙම සුවිශේෂී ගෘහනිර්මාණ ශිල්පීය අනන්‍යතාව ශ‍්‍රී ලාංකීය නිවාස සංකීර්ණයක දක්නට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මීට අමතරව වර්ග අඩි 50,000කට අධික පරිශ‍්‍රයක් ක‍්‍රීඩා සහ විනෝද කටයුතු සඳහා වෙන් කෙරෙන අතර මෙම පහසුකම් පස්වන, තිස්දෙවන සහ තිස්හත්වන මහල් හි පිහිටා ඇත.

    ශ‍්‍රී ලංකාවේ ඉදිකෙරෙන සුවිශේෂි සුපිරි නිවාස සංකීර්ණයක් වීම නිසාම පරිසරය රැක ගනිමින් තිරසර බව උපරිම අයුරින් පවත්වාගෙන යෑම සඳහා විශේෂ පියවර ගණනාවක් මෙහිදී අනුගමනය කර ඇත. අනර්ඝ නිමාවකින් සහ ශක්තිමත් බව අතින් වැඩි ^ double glaze low emission glassing& ඇතුලත සහ පිටත සවිකර ඇති බැවින් ස්වභාවික ආලෝකය සහ වාතාශ‍්‍රය උපරිමයෙන් නිවාස තුළට ගලා ඒමට ඉඩ සලස්වා ඇත. මෙහි සියලූ නිවස්නයන්හි නානකාමර ස්වභාවික වාතාශ‍්‍රය ලැබෙන ලෙස නිර්මාණය කෙරෙන අතර ගොඩනැගිල්ල සඳහා යොදා ගන්නා වායුසමීකරණ පද්ධතිය ලොව ඉහළම බලශක්ති කාර්යක්ෂමතාවක් සහිත වායුසමීකරණ පද්ධතිය ලෙස පිළිගැනීමක් ඇත.

    පුද්ගලික සමාගමක් ලෙස ඇරඹි ප‍්‍රයිම් සමූහය සිය දිගුකාලීන අරමුණ වූ පොදු හිමිකාරීත්වයක් සහිත සමාගම් සමූහයක් බවට පත්වීමේ ක‍්‍රියාවලියට අවතීර්ණ වී ඇත. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නුදුරු අනාගතයේදී මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යමින් පුළුල් කොටස් හිමිකාරීත්ව පදනමක් තුළින් ඉඩම් හා දේපළ සංවර්ධන ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර තලයේ තරගකරුවකු බවට පත්වීමේ ඉලක්කය වෙත එළැඹ සිටී.