ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රු. 202 ඉක්මවා යයි

    March, 31, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 197.62 ක් සහ විකුණුම් මිල රු. 202.04 ක් ලෙසින් සටහන් විය.

    මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 203.78 ක්, මහජන බැංකුව රු. 204.54 ක්, කොමර්ෂල් බැංකුව රු. 202.00 ක් හා සම්පත් බැංකුව රු. 202.50 ක් ලෙසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates