‘ජාතියේ මහා පහන්ටැඹ‘ ලෙසින් ඉදිරියටම ගමන් කරන ලංකා බැංකුව ආර්ථික පුනර්ජීවනයට පෙරමුණ ගනියි

    April, 1, 2021

    මෙරට බැංකු ක්ෂේත්‍රෙය් දැවැන්තයා වන ලංකා බැංකුව දැයේ ආර්ථික පුනර්ජීවනයට දායකත්වය සපයන අතරම සිය නොසැලෙන නායකත්ව ස්ථාවරත්ළුය තහවුරු කරමින් පසුගිය අභියෝගාත්මක මූල්‍ය වර්ෂය සාර්ථකව අවසන් කරන ලදී.

    • “සෞභාග්‍යා“ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම ණය ප්‍රමාණයක් (ගනුදෙනුකරුවන් 18,589 දෙනෙකුට රු. බිලියන 39.1 ක් වටිනා ණය ප්‍රමාණයක්)
    • රු. බිලියන 589.4කට වැඩි ණය පහසුකම් සඳහා තාවකාලික ගෙවීම් අත්හිටුවීමේ සහන
    • 2020 වර්ෂය සඳමහා මූල්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළම ලාභය ලෙස රු. බිලියන 23.6 ක් වාර්තා කිරීම.
    • වත්කම්, ණය සහ තැන්පතු රු. ට්‍රිලියන 2 ඉක්මවූ ශේෂ පත්‍රය
    • පෙර වසරට සාපේක්ෂව වත්කම් වර්ධනය 24%ක්, ණය වර්ධනය 28% ක් සහ තැන්පතු වර්ධනය 23%ක් ලෙස ආයතනික වර්ධනයක් සනිටුහන් කිරීම.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates