අපි කියන දේ කරන රජයක් – රුපියලේ පිබිදීම ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

    April, 20, 2021

    ඊයේ (19) දිනයේ දී වාර්තාගත ලෙස ඒක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයෙහි අතිප්‍රමාණයක් වාර්තා වුණි.

    අප්‍රේල් 15 දින රු. 204.62 ක් ලෙසින් වාර්තා වූ ඩොලරයේ විකුණුම් මිල, මහ බැකු දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (19) දිනයේ දී රු. 191.97 ක් දක්වා දැවැන්ත ලෙස අඩු වී තිබුණු අතර ඒය 2021 ජනවාරි 08 දිනෙන් පසු වාර්තා වූ පහළම විකුණුම් මිල ද වේ.

    මේ සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ, "අපි කියන දේ කරන රජයක්" බවයි.

    ඒම ට්විටර් පණිවුඩය පහතින් දැක්වේ.

     

    ඩොලරයේ අගය රු. 200 ඉක්මවා යාම පිළිබඳව රජය විසින් සැලකිලිමත් වී ඇති බවත් මෙය තාවකාලික සිද්ධියක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය අප්‍රේල් 02 දින මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළේය. ඒහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබන බවයි.