ශ්‍රී ලංකාවට යාමෙන් වළකින්න – ඇමරිකාව තම පුරවැසියන්ට දැනුම්දෙයි

    May, 25, 2021

    ඒක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

    පැතිරී යන කොවිඩ් 19 වසංගත රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය සිව්වන මට්ටමේ ගමනාගමන උපදේශනයට ඒනම් "සංචාරය ‌නොකරන්න" යන උපදේශනයට යටත් වන බව ඒක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ අතර මෙරට ඒක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ ඒක්සත් ජනපද පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අවසර හිමිනොවන බවයි. ඒසේම මගී නෞකා සහ පුද්ගලික යාත්‍රාවලින් පැමිණෙන මගීන් හට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට අවසර නොමැති බව ද ඒහි වැඩිදුරටත් සඳහන් වේ.

    වැඩිදුර විස්තර,

    https://wwwnc.cdc.gov/travel/notices/covid-4/coronavirus-sri-lanka

    https://travel.state.gov/content/travel/en/traveladvisories/traveladvisories/sri-lanka-travel-advisory.html