පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ මහජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මිලට හිඟයකින් තොරව ලබා දීමේ ක්‍රමවේදයක් දැනටමත් ලංකා සතොස ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
එම ක්‍රමවේදය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන සහ වරායෙන් නිදහස් කර ගනු නොලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ආයතනය වෙත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වෙළෙඳ අමාත්‍යවරයා සහ වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.