June, 14, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය, මෙවර පියවරුන්ගේ දිනය වෙනුවෙන් සිය පාරිභෝගිකන් හට ආකර්ෂණීය දීමනා රැසක් හඳුන්වා දෙයි.
පියවරුන්ගේ දිනය යනු ඔබේ ආදරණීය පියා සැමරීමේ විශේෂ දිනයක් ලෙස සාමාන්‍යයෙන් සැලකුවද එය එක් දිනකට පමණක් සීමා නොවිය යුතුය. ඇතැම්විට මෙම දිනය ඔබේ ජීවිතයේ පියා නොමැති වුවද පියෙකු මෙන් ඔබට සලකමින් ඔබ රැක බලා ගන්නා ඔබේ සහෝදරයන්, මාමලා, සීයා, ගුරුවරුන්, මිතුරෙකුගේ පියෙකු හෝ ඕනෑම ආකාරයක ”පියෙකුගේ චරිතයක්” සැමරීමට දිනයකි. මෙම විශේෂ පුද්ගලයින්ට අපගේ ආදරය සහ කෘතඥතාව පළ කිරීමටත්, අපගේ ජීවිත යහපත් කිරීමට ඔවුන් දරන උත්සාහය අගය කිරීමටත් පියවරුන්ගේ දිනය අවස්ථාව ලබා දෙයි.
හමීඩියා වෙතින් පියවරුන්ගේ දිනය වෙනුවෙන් “Father’s day gift guide” නමින් සැමට දැරිය මිලකට රු. 4000 සිට ඉහළට උසස් තත්ත්වයේ අගනා ත්‍යාග පැකේජ රැසක් හඳුන්වා දී තිබේ- Envoy සහ Le Bond වෙළඳ නාම වලින් ත්‍යාග පැකේජ 6 ක් “Father’s day gift guide” යටතේ හඳුන්වා දී ඇත. මෙම පැකේජ තුල ඔබට දැරිය හැකි මිලකට හා ඔබේ පියාගේ විලාසිතාවන්ට ගැලපෙන පරිදි විශේෂිත අවස්ථාවන් සඳහා ඇඳුම්, කාර්යාලීය ඇඳුම්, සරල ඇඳුම් සහ ලිනන් ඇඳුම් ඇතුළත් වේ. මෙම පැකේජයන්ට සුවිශේෂී, අලංකාර පෙනුමක් සහ අඟයක් ලබා දීම සඳහා, සෑම පැකේජයක් සඳහාම විශේෂිත ඇසුරුමක් සකස් කර ඇත. හමීඩියා වෙබ් අඩවිය හරහා හෝ 0777122221 අමතා මෙම ත්‍යාග පැකේජ ඇණවුම් කිරීමේ හැකියාව පවතන අතර එම පැකේජ පැය 48 ක් තුළ පාරිභෝගිකයා වෙතට යවනු ලැබේ.
එමෙන්ම සිය ෆෙස්බුක් පිටුව හරහා පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඕනෑම අයෙකුට සහභාගී විය හැකි තරඟයක් ද හමීඩියා ආයතනය විසින් පවත්වනු ලබයි- ඕනෑම පුද්ගලයෙකුට තම ජීවිතයේ පියා හෝ පියා ලෙස සලකන චරිතයක් ගැන හැඟෙන ආකාරය ලිඛිත පණිවිඩයක් මඟින් හමීඩියා වෙත ඉදිරිපත් කළ හැකි අතර එම සියළුම පණිවිඩ හමීඩියා ෆෙස්බුක් පිටුවේ පළ කරනු ලැබේ. වැඩිම ‘ලයික්ස් ’ ප්‍රමාණයක් ඇති පියවරුන්ගේ දින පණිවුඩ 5 සඳහා හමීඩියා වෙතින් තෑගි ලබා දෙනු ලබන අතර ඉන් එක් ජයග්‍රාහකයෙක් හට My Friend Café හි විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ඔහුගේ හෝ ඇයගේ පියා රැගෙන යාමේ අවස්ථාව ලැබේ.
හමීඩියා ආයතනයෙහි කළමණාකාර අධ්යක්ෂ ෆවුසුල් හමීඩ් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “පියවරුන්ගේ දිනය, තම දරුවන් රටේ වගකිවයුතු පුරවැසියන් කරවීමට විශාල කැපකිරීම් කරන, අපේ ජීවිතයේ වීරයන් වන පියවරුන් සැමරීමේ දිනයයි. පවතින වසංගත තත්ත්වය සහ සංචරණ සීමා මධ්‍යයේ වුවද, අපගේ පාරිභෝගිකන් හට පියවරුන්ගේ දිනය සැමරීමට අවස්ථාව ලබා දීම වැදගත් බව අපට හැඟුණා. ඔබගේම පියා හෝ ඔබ පියා ලෙස සලකන ඕනෑම කෙනෙකුට සුවිශේෂී තෑග්ගක් ලබාදී ඔවුන්ව අගය කිරීමටත් ඔවුන් සමග ඇති බැඳීම වැඩිදියුණු කරගැනීමටත් මෙය කදිම අවස්ථාවක් වනවා.”
මීට අමතරව, රටේ අඩු වරප්රසාදිත ප්රජාවන්ගේ ජීවිත නඟා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරන සමාජ සේවා සංවිධානයක් වන My Friend පදනම සමඟ එක්ව හමීඩියා ආයතනය විසින් පියවරුන්ගේ දිනයේදී රට පුරා වීදිවල ජීවත්වන දරුවන් විසින් නොසලකා හරින ලද හෝ අතහැර දමා ඇති පියවරුන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳව විශේෂ අවධානක් යොමු කරයි. එවැනි නොසලකා හරින ලද හෝ අතහැර දමා ඇති පියවරුන් සම්බන්ධ ඕනෑම තොරතුරක් වෙතොත් fhgrooming@hameedia.lk වෙත හෝ 0768652468 වෙත ඉදිරිපත් කළ හැකිය. My Friend පදනම සහ හමීඩියා විසින් එම එක් එක් පුද්ගලයාගේ තත්වයන් විමසා බලා එම අහිංසක වැඩිහිටි ජීවිත රැකබලා ගැනීමට කටයුතු කරනු ඇත.
Video Story