කොළඹ කොටුව බහු මහල් රථගාල් ව්‍යපෘති කොන්ත්‍රාත්තුවක් තුඩාවේ බ්‍රදර්ස්ට

    July, 6, 2021

    කොළඹ කොටුව බහු මහල් රථගාල හා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර වන උපරි ව්‍යුහය සැලසුම් කර ඉදිකිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර ලංසු කැඳවා ඇත.
    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කර ඇති තුඩාවේ බ්‍රදර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates