ඉලෙක්ට්‍රික් වාහන ප්‍රවර්ධනයට උපායමාර්ගික සැලැස්මක්

    July, 13, 2021

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වන විට ලියාපදිංචි වී ඇති රථ‍වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ. ඒ අතුරින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් අවුරුදු 10ට වඩා පැරණි වන අතර එවැනි පැරණි වාහන මනාව නඩත්තු නොකිරීම විෂ වායු විමෝචනයට හේතුකාරක වන බව හඳුනාගෙන ඇත.
    ශ්‍රී ලංකාවේ වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක් රථවාහනවලින් සිදු කෙරෙන බව මොරටුව විශ්වවිද්‍යාලය සහ තවත් ආයතන කිහිපයක් මඟින් සිදු කළ පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.
    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින්, රථවාහන ධාවනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
    ඒ අනුව, ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates