රුපියල ස්ථාවරයි – මහ බැංකුව

    July, 15, 2021

    2021 වසරේ මැයි මාසයේ දී විනිමය අනුපාතිකය සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 මැයි මාසයේ වදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව අවධාරණය කර සිටී. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ සඳහන් කරයි.

    "2021 වසරේ මැයි මාසය තුළ දී ඒක්සත් ජනපද ඩොලරයට සපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.02කින් සුළු වශයෙන් අතිප්‍රමාණය විය. 2021 වසරේ ජූලි 14වන දින දක්වා කාලය තුළ රුපියල ඒක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 6.7කින් අවප්‍රමාණය විය. මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2021 වසරේ ජූලි 14වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලිං පවුම, ජපන් යෙන්, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය විය. ණය නොවන ප්‍රභවයන් තුළින් දළ නිල සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිව, 2021 වසරේ මැයි මාසයේ දී මෙන්ම මේ දක්වා මෙම වසර තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් ශුද්ධ පදනම මත විදේශ විනිමය මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව කටයුතු කළේය."

    Video Story

    Stock Market

    Exchange Rates