July, 16, 2021
COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවිය.
එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100 ශ්‍රී ලංකාවට ලැබෙන්නේ, COVAX පහසුකම යටතේ, ලොව පුරා කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම සඳහා වන මාත්‍රා බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය යටතේය.
ශ්‍රී ලංකාවේ ජනතාව සමග මෙම මාත්‍රා බෙදාගැනීම සඳහා නායකත්වය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජයට කෘතඥතාව පිරිනමන බව සෞඛ්‍ය ඇමතිනී ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. “එන්නත්කරණය හරහා අපගේ ජනතාව වසංගතයෙන් බේරාගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නය මෙමගින් ශක්තිමත් වනවා, එලෙසම, මෙම වසංගතය එක් රටකට පමණක් සීමා වී නැති හෙයින්, මේ ආකාරයේ අන්‍යෝන්‍ය සහයෝගය මගින් COVID 19 වසංගතයට එරෙහිව සටන් කිරීමේ ගෝලීය ප්‍රයත්නයන් ද ශක්තිමත් වනවා” යි ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය මෙසේ පැවසුවාය: “ඉතිහාසයේ දැවැන්තම ගෝලීය එන්නත්කරණ ප්‍රයත්නය සාර්ථක කරගැනීම සඳහා ලොව පුරා රටවලට එක්සත් ජාතීන් විසින් සහයෝගය ලබාදෙයි. ආරක්ෂිත හා ඵලදායී කෝවිඩ්-19 එන්නත් අප සැමට ලබාදීම සඳහා මානව නවෝත්පාදනය හා විද්‍යාව සමත් වී තිබේ. COVAX පහසුකම යටතේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව එන්නත්කරණය කිරීම සඳහා ලබාදෙන ත්‍යාගශීලී සහයෝගයට ස්තුති කරමින්, අපගේ නියෝජිතායතන වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකා රජය සමග එක්ව කෝවිඩ්-19 පැතිරීම මර්දනය කිරීමට හා වසංගතයෙන් මිදී යථා තත්වයට පත්වීමට කටයුතු කරමින් සිටිති.”
ශ්‍රී ලංකාව විසින් වර්තමානයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික එන්නත් ලබාදීමේ සැලැස්ම අනුව, යෝග්‍ය කණ්ඩායම් වෙත එන්නත්කරණය ලබාදෙමින් සිටියි. අද ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබෙන දෙවන ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’ එන්නත් 264,000ක පළමු තොගය පසුගිය මාර්තු මාසයේදී දිවයිනට ලැබිණි.
“කිසිදු රටකට තනිව කෝවිඩ්-19 සමග සටන් කළ නොහැකිය. එය සෑම රටකටම බලපාන වසංගතයක් වීම එයට හේතුවයි. ජීවිත ආරක්ෂා කිරීමට හා කෝවිඩ්-19 බලපෑම සෑම තැනකම අවම කිරීම සඳහා රටවල් අතර සහයෝගය අත්‍යවශ්‍යය. එබැවින්, මෙම අවස්ථාවේදී, COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සහයෝගය නිර්මාණය වීම විශිෂ්ටය,” යි ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිත ක්‍රිස්ටීයන් ස්කූග් මහතා ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය මෙසේ සඳහන් කළාය: “කෝවිඩ්-19 විසින් ගෝලීය මහජන සෞඛ්‍ය තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබේ. COVAX පහසුකම සමග සම්බන්ධ සහයෝගිතාව විසින් මෙය ග්‍රහණය කරගෙන තිබේ. සම නායකත්ව භූමිකාවේ කොටසක් ලෙස WHO විසින් එන්නත්වලට සාධාරණ ප්‍රවේශය ලබාදීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවකු ආරක්ෂිත නොවීම එයට හේතුවයි. හදිසි සැපයුම් හිඟයන් පියවාගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් ලෙස WHO විසින් එන්නත් බෙදාහදාගැනීම දිරිගන්වන ලදී. ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් ලැබුණු ප්‍රතිචාරය WHO විසින් අගය කරනු ලැබේ. වසංගතය සම්බන්ධයෙන් දක්වනු ලබන ප්‍රධාන ප්‍රතිචාරය ලෙස ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ප්‍රයත්නය WHO විසින් ඇගයීමට ලක්කරනු ලැබේ. මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග ඔස්සේ එයට මහත් සහයෝගයක් ලැබේ”.
COVAX පහසුකම යටතේ එන්නත ලබාගැනීමේ හැකියාව තහවුරු කිරීමේදී එක්සත් ජාතීන් විසින් ඉතා වැදගත් භූමිකාවක් ඉටුකරනු ලැබේ. මෙය ප්‍රතිශක්තිකරණ ඉතිහාසයේ විශාලතම හා සංකීර්ණම මෙහෙයුමයි.
COVAX යනු, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එන්නත් හා ප්‍රතිශක්තිකරණය සඳහා වන ගෝලීය සන්ධානය (GAVI), වසංගත සූදානම සම්බන්ධ නවෝත්පාදනයේ සන්ධානය (CEPI) සහ UNICEF අතර හවුල්කාරීත්වයකි. එහි අරමුණ වන්නේ කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීමයි.
Video Story