අගෝස්තු 16 National Logistic Day ලෙස නම් කරයි

    August, 3, 2021

    රටක සියලුම සැපයුම් කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම කාර්යෝපාය (Logistics) වශයෙන් හඳුන්වනු ලබයි.

    ඊට අදාළ ක්‍රියාවලිය නිසි අයුරින් මෙහෙයවීමට අපහසු වුවහොත් භාණ්ඩ මිල ඉහළ යාම, ඒ හේතුවෙන් ජීවන වියදම පාලන කිරීමට අපහසු වීම වැනි ගැටලු ගණනාවක් පැන නඟිනු ඇත. එබැවින්, කාර්යෝපායට (Logistics) අදාළ ක්‍රියාවලිය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ජාතික කාර්යෝපාය දිනයක් (National Logistic Day) ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

    ඒ අනුව, මෙම වර්ෂයේ සිට සෑම වර්ෂයකම අගෝස්තු මස 16 දින කාර්යෝපාය දිනය වශයෙන් නම් කිරීමටත්, එම දිනය සනිටුහන් කරමින් මෙම වර්ෂයේදී සමරු මුද්දරයක් නිකුත් කිරීමටත් ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates