ලංකා වාණිජ මණ්ඩලය සහ ඔස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන වැඩසටහන අතර අවබෝධතා ගිවිසුමක්

    August, 18, 2021

    පුද්ගලික අංශය නායකත්වය දෙන තිරසාර සහ සියල්ලන්ට සෙත සැලසෙන වර්ධනයක්  ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය සහ ඔස්ට්‍රේලියාවේ වෙළඳපොළ සංවර්ධන වැඩසටහන අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

    ශ්‍රී ලංකාවේ වර්ධනය සහ නව ආර්ථික අවස්ථාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා පෞද්ගලික අංශයට සහාය වීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය මෑතකදී ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශය සංවර්ධන වැඩසටහන වන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන (MDF) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණි. නවෝත්පාදන කිරීම තුලින් ඉහත කී අරමුණු ඉටු කර ගැනීමට පෞද්ගලික අංශයට මෙම වැඩසටහන උපකාරී වනු ඇත.

    ඔස්ට්‍රේලියානු රජය මඟින් අරමුදල් සපයන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන රටවල් ගණනක ක්‍රියාත්මක වැඩසටහනක් වන අතර, එමඟින්  ඉන්දු-පැසිෆික් කලාපයේ හවුල්කාර රටවල වැසියන් සඳහා ඉහළ ආදායමක් තුළින් තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරයි. මෙය  ක්‍රියාත්මක කරනු ලබන්නේ පැලේඩියම් (Palladium) හා ස්විස්කොන්ටැක්ට් (Swisscontact) හි හවුල් කාරත්වයෙනි.

    මෙම ඒකාබද්ධ වැඩසටහන තුළින් ලංකා වාණිජ මණ්ඩලය  හා වෙළඳපල සංවර්ධන වැඩසටහන,  සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමට අදහස් කෙරේ. තවද පුද්ගලික අංශයේ ප්‍රතිලාභ  වර්ධනයට හේතු වන මාතෘකා පිළිබඳ, පර්යේෂණ ප්‍රතිඵල සහ ව්‍යාපාරික දැනුම බෙදා ගැනීමද දිරිමත් කරයි.

    “ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා වන මෙම සාකච්ඡා කාලෝචිතය. වෙළඳපල සංවර්ධන වැඩසටහන  මඟින් ලංකා වාණිජ මණ්ඩලයට මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම ගැන ඕස්ට්‍රේලියාව ආඩම්බර වෙයි,” ශ්‍රී ලංකාවේ  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්  ගරු ඩේවිඩ් හොලි මහතා පැවසීය.

    දේශගුණික විපර්යාසයන්ගේ අවදානම් සහ ව්‍යාපාර ආකෘතීන් කෙරෙහි එහි බලපෑම පිළිබඳව කෘෂි ව්‍යාපාර අතර දැනුවත්භාවය වැඩි කිරීම මෙම වැඩසටහනෙන් ආරම්භක අංගය වේ. සැලසුම්කර ඇති  දේශගුණික විපර්යාස වැඩමුළුව මඟින් කෘෂිකාර්මික ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා දේශගුණික අනුවර්තන උපාය මාර්ග සඳහා ආයෝජන දිරිමත් කරනු ඇත. මේ සඳහා කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ අත්දැකීම් සහ ව්‍යාපාරික උදාහරණ බෙදාහදා ගැනීම සඳහා අන්තර්ජාල සැසියක් සංවිධානය කිරීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. මෙම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, තීරණ ගන්නන්, වැවිලිකරුවන් සහ කෘෂි සමාගම් සඳහා සුදුසු වේ.

    වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක / මහලේකම් මංජුල ද සිල්වා මහතා මහතා මෙසේ පැවසීය. “අපි මෙම අවබෝධතා ගිවිසුමට එළැඹිම  වැදගත් අවස්ථාවක්. වාණිජ මණ්ඩලයට, ඕස්ට්‍රේලියානු රජය සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති නිසා  මෙම ප්‍රයත්නයේ පාර්ශ්වකරුවන් වීම  ගැන අපි සතුටු වෙමු. අන්‍යෝන්‍ය ලෙස අදාළ වන ඒකාබද්ධ වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සඳහා වන  මෙම හවුල්කාරිත්වයට පිවිසීමේ පැහැදිලි අරමුණු ඇත. අපගේ ජාලයට තවත් එක් හවුල්කරුවෙකු එක් කිරීම සතුටක්. ”

    වෙළඳපල සංවර්ධන වැඩසටහනෙහි  ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මොමිනා සාකිබ් ප්‍රකාශ කළේ, “වෙළඳපල සංවර්ධන වැඩසටහන මෙම පියවර ගැන සතුටට පත්වනවා.  එමෙන්ම පුද්ගලික අංශයට සහයෝගය දැක්වීමේදී වාණිජ මණ්ඩලයේ වැදගත් කාර්යභාරය මෙන්ම පෞද්ගලික අංශයේ වර්ධනය සඳහා දිගු කලක් තිස්සේ පෙනී සිටීම ද පිළිබඳවද අප හොඳින් දන්නවා. වෙළඳපල සංවර්ධන වැඩසටහන,  පෞද්ගලික අංශයේ නායකත්වයෙන් යුතුව  සියලු දෙනාටම සෙත සලසන වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. ලංකා වාණිජ මණ්ඩලය  සහ වෙළඳපල සංවර්ධන වැඩසටහනෙ අතර හවුල් අරමුණු මෙන්ම පොදු අරමුණු අප දකින අතර මෙම සහයෝගිතාවය ශ්‍රී ලංකාවේ සමෘද්ධියට දායක වනු ඇතැයි විශ්වාස කරනවා”

    ශ්‍රී ලංකාවේ දී වෙළඳපල සංවර්ධන වැඩසටහනෙ හි අවධානය යොමු වී ඇත්තේ දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම, මූල්‍ය සඳහා ප්‍රවේශය සහ ඩිජිටල් මෙවලම් භාවිතයට අනුබල දීම ප්‍රවර්ධනය කිරීම  පිණිස  සංචාරක, කෘෂිකාර්මික හා ධීවර යන අංශ අතර ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනවලට සහාය ලබා දීම කෙරෙහිය. අද වන විට, වෙළඳපල සංවර්ධන වැඩසටහනේ ආයෝජන මගින් පුරුෂයින් හා කාන්තාවන් 28,710 කට ප්‍රතිලාභ ලබා දී ඇති අතර, එමඟින්  මෙම ශ්‍රී ලාංකිකයින් සඳහා ඇමරිකානු ඩොලර් 15,091,000 ක අතිරේක ආදායමක් උත්පාදනය කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates