August, 18, 2021
පසුගිය කාලය තුළ දී ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවට පාත්‍ර වූ සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනි විශාලතම සමාගම බවට අද (18) දින පත් විය. ඒ් අද දිනයේ දී ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක ගනුදෙනු මිල රු. 99.60 ක් වශයෙන් වාර්තා වීමත් සමඟම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 194.70 ක් දක්වා ඉහළ යාමත් සමඟිනි.
ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් සිව්වැනි තැන සිටි එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් අද මෙලෙස දෙවැනි තැනට පැමිණියේ ඉදිරියෙන් සිටි තවත් දැවැන්ත සමාගම් දෙකක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ලංකා දුම්කොළ සමාගම (CTC) අභිබවමිනි.
අද දිනය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනුයේ LOLC හෝල්ඩිංග්ස් සමාගමයි. ඒය රු. බිලියන 225.72 කි.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 10 පහත පරිදි වේ.

Video Story