සණස සංවර්ධන බැංකුවේ 15%ක කොටස් අයිතිය LOLC හෝල්ඩිංග්ස් යටතට

    August, 25, 2021

    ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන සණස සංවර්ධන බැංකුවේ කොටස් හිමිකාරීත්වයෙන් 15%ක ප්‍රමාණයත් අත්පත් කරගැනීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී කටයුතු කර තිබේ.

    LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මෙම කොටස් අත්පත් කරගැනීම සිදුකර ඇත්තේ පසුගිය දා සණස සංවර්ධන බැංකුව විසින් දියත් කරන ලද ද්විතීයික මහජන කොටස් නිකුතුවට දායකත්වය ලබාදීම හරහා යි.

    LOLC සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Iconic Property Twenty Three Ltd හරහා මෙම කොටස් මිල දී ගැනීම සිදුකර ඇත. 

    මෙහිදී නව නිකුතුවෙන් කොටස් මිලියන 24.10 ක් ඒකක් රු. 51.50 බැගින් මිල දී ගැනීමට කටයුතු කර ඇති ඒ සඳහා ආයෝජිත මුළු වටිනාකම රු. බිලියන 1.24 ක් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates