බංග්ලාදේශයෙන් තවත් ‌ඩොලර් මිලියන 100 ක් ශ්‍රී ලංකාවට

    August, 31, 2021

    බංග්ලාදේශ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර පසුගිය අගෝස්තු 03 දින අත්සන් තැබුණු විනිමය හුවමාරු පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 250 න් ඩොලර් මිලියන 100 ක මුදලක් ඊයේ (30) දිනයේ දී ලබාදීමට නියමිත වූ බව The Financial Express Bangladesh වාර්තා කරයි. විදේශ විනිමය අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට සහාය දක්වනු වස් මෙම විනිමය හුවමාරුව සිදුකරනු ලබන බව ඒහි සඳහන් වේ.

    මෙම ගිවිසුමට අනුව බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 250 ක් ශ්‍රී ලංකාවට ලබා දෙන අතර අදියර 3 කින් ඒම මුදල් ලබා දෙනු ඇත.

    ඒ අනුව මේ වන විට ‌ඩොලර් මිලියන 150 ක මුදලක් බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලැබී අතර තවත් ඩොලර් මිලියන 100 ක් ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත වේ.

    2021 ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 ක් වන අතර ඒයින් විදේශ විනිමය සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 2,364.6 ක් ලෙසින් වාර්තා වේ.

    Video Story

    Stock Market

    Exchange Rates