September, 1, 2021
ඊයේ (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 4 සීමාව ඉක්මවා යන ලදී. මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 4.00 ක් හෙවත් රු. බිලියන 4,009.50 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර සියලු කොටස් මිල දර්ශකයේ මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය තවදුරටත් අලුත් කරමින් ඊයේ දිනයේ දී ඒය ඒකක 8,997.60 ක් දක්වා ඉහළ යන ලදී.
2021 අගෝස්තු 31 දින වන විට කොටස් වෙළෙඳපොළේ මේ දක්වා වාර්ෂික පිරිවැටුම රු. බිලියන 658.27 ක්වූ අතර ඒය මෙතෙක් ඉතිහාසයේ ඒක් වර්ෂයක් තුළ වාර්තා වූ වැඩිම පිරිවැටුම් ප්‍රමාණයද වේ.
ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,997.60 ක් ලෙසින් වාර්තා වූ අතර ඒය පෙර දිනයට සාපේක්ෂව ඒකක 103.16 ක හෙවත් 1.16%ක ඉහළ යාමකි.
සියලු කොටස් මිල දර්ශකයට අනුව වසරේ මුල් මාස 08 තුළ දී 32.82% ක වර්ධනයක් අත්පත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ.
මීට අමතරව S&P SL20 දර්ශකය දිනය ඒකක 54.22 ක හෙවත් 1.61% ක වර්ධනයක් සනිටුහන් කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,364.59 ක් ලෙසින් වාර්තා විය.
ඊයේ දින රු. බිලියන 10.86 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 12 පහත පරිදි දැක්විය හැකිය.

Video Story