September, 7, 2021
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට නැවත වරක් පත්වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (07) දින ප්‍රධාන ධාරාවේ පුවත්පත් කිහිපයක්ම මේ බව අනාවරණය කර තිබුුුණි. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මෙම කරුණ තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ දක්වා සිදුකර නොමැත.
මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී විමසීමක් කළ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහි දී පැවසුවේ එය නිල වශයෙන් ස්ථිර වී නොමැති බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් පැවසීමට ඇත්තේ එපමණක් පමණක් බවත්ය.
මේ අතර වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ තනතුරක් සඳහා පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.
2006 වසරේ ජූලි මාසයේ සිට 2015 ජනවාරි 09 දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර කටයුතු කරනු ලැබීය.
Video Story