ඩොලරය රු. 203 යි. සියලු බැංකු එක හඬින් කියයි

    September, 7, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 198.50 ක් හා විකුණුම් මිල රු. 202.99 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අතර පසුගිය කාලය පුරාවට ඩොලරයේ සැබෑ රුපියල් අගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් දක්නට හැකි වූ අතර මහ බැංකුව පවසනවාට වඩා බෙහෙවින් ඉහළ මිලකට ප්‍රධාන පෙළේ වානිජ බැංකු විසින් ඩොලරයක මිල දක්වා තිබීම ඊට හේතු විය.

    කෙසේ වෙතත් අද දිනයේ දී රාජ්‍ය - පෞද්ගලික සියලු වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී රු. 203.00 ක විකුණුම් මිලකට එක්සත් ජනපද ඩොලරය ස්ථාවරව පැවතීම විශේෂත්වයකි.

    මේ අනුව ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු සම්පත්, කොමර්ෂල්, HNB හා සෙලාන් යන බැංකු සියල්ලක්ම ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 203.00 ක් ‌ලෙසින් දක්වා තිබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates