September, 9, 2021
විනිමය අනුපාතයේ ස්ථායිතාව සහ බැංකු පද්ධතිය තුළ පවතින විනිමය ද්‍රවශීලතාවය ආරක්‍ෂා කිරීමේ අරමුණින්, අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව පහත සඳහන් පියවරයන් නැවත දැනුම් දෙන තුරු අනුගමනය කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත මේ සම්බන්ධයෙන් නවතම චක්‍රලේඛයක් ඊයේ (08) දින නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛයට අනුව ආනයන ඉන්වොයිස් මත මුදල් ආන්තික තබා ගැනීමේ දී නව උපමාන නිකුත් කර ඇත.
මේ අනුව උපලේඛනයේ දක්වා ඇති ආනයන වල ඉන්වොයිස් වටිනාකම මත සියයට සියයක් පොලී රහිත මුදල් ආන්තිකයක් තබා ගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ.
අදාළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.






Video Story