එකම විකල්පය IMF – රනිල්

    September, 28, 2021

    ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගත හැකි එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම පමණක් බවත්, එසේ නොමැතිව වෙනයම් මාර්ග තිබේ නම් ඒවා අනාවරණය කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඊයේ (27) විකාශය වූ දෙරණ 360 වැඩසටහන හා එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණු වහාම, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මුදල් ලබා ගැනීමට අවකාශ විවර වන බවත්, එසේ නැතිව වෙන මාර්ගයක් නොමැති බවත්ය.

    "ලෝකය තීරණය කරලා තියෙනවා,‌ මේ රටවල් යන්න ඔ්නේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයට. එයින් ප්‍රධාන රටක් තමයි චීනය. ඇමරිකාවට වාගේම චීනයට බලපෑම් තියෙනවා. අද එංගලන්තේ ප්‍රංශේ තියෙන ඒවා අඩුයි. ජපානය තියෙනවා. ඉන්දියාව එනවා. ඉතිං එතනින් කියන්නේ මේ වැඩකටයුතු කරන්න, නියම වශයෙන් ආර්ථිකය හදන්න. අපි වැඩසටහන දාලා IMF එකට කතා කරන කොට සංශෝධන ස්වල්පයයි තිබුණේ. අපිට ඔ්න දේ අපි හරියට කරනවා නම්, ඒ අයට මුදල් දෙන්න තියෙනවා. දැන් ඉස්සර වාගේම ඒගොල්ලෝ තදින්ම මේ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. දන්නවා මේ අවස්ථාවේ දී රටවල්වලට උදව් කරන්න උවමනායි කියලා. මට වෙන රටක් කියන්න කොහෙන්ද සල්ලි හම්බුවෙන්නේ කියලා. ඊට වඩා හොඳ තැනක් තියනවා නම් කරුණාකරලා යන්න. ඒක සිදුවෙන්නේ නැහැනේ."

    "මෙතන්ට යන්නේ නැතුව කිසි රටක් මේ සැරේ කොවිඩ් එකෙන් පිට වෙන්නේ නැහැ. මොකද එක එක රටවල්, ප්‍රධාන රටවල් ගිහින් අපේ ආර්ථිකය දිහා බලන්නේ නැහැ. ඇමරිකාවෙන් චීනයෙන් ඉල්ලුවත් කියන්නේ මෙතනට ගිහිං සහතිකය අරගෙන එන්න කියලා. එතකොට අපිට පුළුවන් විදියට උදව් කරන්නන්. අපි එතන්ට යන්නේ නැහැ. අපි හිතන්නේ ධම්මික පැණිය බිව්වා වාගේ අපිට පුළුවන් කියලා මේක කරන්න. මුදල් තියෙනවා නම් බඩුමිල අද වැඩි වෙන්නේ නැහැ. ඒක පාලනය කර ගන්න පුළුවන්. සහතිකය ලැබුණ ගමන් අපට ගිහිං විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළේ මුදල් ලබා ගන්න පුළුවන්. වෙන මාර්ගයක් නැහැ. වෙන එකක් තියෙනවා නම් කියන්න මොකක්ද කියලා."

    Video Story

    Stock Market

    Exchange Rates