කොටස් වෙළෙඳපොළ ‌ඓතිහාසික කඩඉමක් පසුකරයි

    October, 4, 2021

    කොළඹ ‌කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) දිනයේ දී තවත් එක් ඓතිහාසික මංසළකුණක් පසුකරන ලදී. ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,500 සීමාව අද දින අභිබවා ගිය අතර දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33 ක් ලෙසින් වාර්තා විය.

    මේ අතර අද දිනයේ දී රු. බිලියන 3.62 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 568.93 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් රු. මිලියන 498.22 ක් හා RIL ප්‍රොපටීස් රු. මිලියන 367.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට වැඩිදායකත්වයක් ලබා දීමට සමාගම් අතුරින් පෙරමුණේ විය.

    කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී 40.86% කින් සියලු කොටස් මිල දර්ශකය වර්ධනය වී ඇත.

     

     

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates