Chevron සමාගම, ජාතික ගමනාගමන කොමිසම සමඟ එක්වී පෞද්ගලික බස් හිමියන්ට සහන සලසයි

    October, 6, 2021

    පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින පෞද්ගලික බස් හිමියන්ට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට, මෙරට ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන Chevron Lubricants  Lanka සමාගම, ප්‍රවාහන අමාත්‍යංශයත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමඟ එක්වී සිටී. 

    කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පණවනු ලැබූ සංචරණ සීමා හේතුවෙන් පෞද්ගලික බස් හිමියන්ගේ ජීවිකාවට එල්ල වී  ඇත්තේ බරපතල අභියෝගයකි. එවන් පසුබිමක තම විශේෂිත අලෙවි ජාලය හරහා ලිහිසි තෙල් ලබාගැනීමේදී පෞද්ගලික බස් හිමියන්ට දැවැන්ත ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට Chevron සමාගම පියවර ගෙන ඇත. එමගින් ප්‍රතිලාභ ලබන දිවයින පුරා විසිරුණු පෞද්ගලික බස් හිමියන් සංඛ්‍යාව 17,000කට ආසන්න ය.

    “වසංගත තත්ත්වයෙන් අනතුරුව නැවතත් නැඟී සිටීමට අපේ රටේ ප්‍රවාහන අංශය දැඩි උත්සාහයක් ගනිමින් සිටිනවා. එවන් අවස්ථාවක ප්‍රවාහන අංශයට අත්වැලක් සැපයීම අපගේ බලාපොරොත්තුවයි. එම අවස්ථාව උදාකරදීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත්, ප්‍රවාහන අමාත්‍යංශයටත් අපගේ කෘතඥතාව පිරිනමනවා. පෞද්ගලික බස් කර්මාන්තය අපේ රටේ ප්‍රවාහන සේවාව තුළ විශාල භූමිකාවක් ඉටු කරනවා. එමනිසා, ඔවුන් මහජනතාවට ලබාදෙන වටිනා සේවාව වෙනුවෙන් අප ලබාදෙන ඇගයීමක් ලෙසත් මෙම ප්‍රතිලාභ සැළකිය හැකියි. මෙම වැඩපිළිවෙල මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට නව පණක් ලබාදිය හැකි බව අපගේ විශ්වාසයයි“, යනුවෙන් Chevron Lubricants Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් නජාම් සම්සුදීන් මහතා ප්‍රකාශ කළේය.

    “අපි මේ ගතකරමින් සිටින්නේ සියලු දෙනාටම අසීරු කාලපරිච්ඡේදයක්. නමුත් පවත්නා දැඩි සංචරණ සීමා තත්ත්වයන් හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට එම දුෂ්කරතාව වඩාත් දැනෙනවා. කෙසේ නමුත් අපි නැවතත් සුපුරුදු ජීවන රටාවට පැමිණීමේදී රටේ ප්‍රවාහනයට උරදෙන පෞද්ගලික බස් රථවල එන්ජින් හොඳ ක්‍රියාකාරීත්වයකින් පැවතිය යුතුයි. වාහනයක එන්ජිම කියන්නේ එහි වැදගත්ම අංගයයි. එය නිසි ලෙස නඩත්තු කිරීම හරහා බස් හිමියාට, බස් රථයේ රියැදුරුට වගේම බස් මගීන්ටත් වැඩි ආරක්ෂාවක් සැලසෙනවා“, යැයි සම්සුදීන් මහතා වැඩිදුරටත් පැවසීය.

    Chevron යනු සැමදා දේශීය ප්‍රජාවට හා තම පාරිභෝගිකයින්ට උපරිම දෑ ලබාදීමට වෙහෙසුණු සමාගමකි. මෑතකදී නිමාවට පත්වුණු පාරිභෝගික ප්‍රතිලාභ වැඩසටහන මගින් ද වර්තමානයේ ආර්ථික අපහසුතාවන්ට පත්ව සිටින පාරිභෝගිකයින්ට සහන සැලසීමට සමාගම ක්‍රියාකළේය. ඊට අමතරව පසුගිය මාසවලදී සිය වෙළඳ හවුල්කරුවන්, කාර්මිකයින් හා සේවා ස්ථාන මෙහෙයුම්කරුවන් අගයමින්, කොවිඩ් 19 වසංගතය නිසා ඔවුන්ගේ ජීවිතවලට එල්ල වී ඇති අහිතකර බලපෑම් සමනය කිරීමටත් Chevron සමාගම වැඩසටහනක් දියත් කළේය.

    මෙරට ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන Chevron Lubricants Lanka සමාගම Caltex™, Havoline®, Delo® සහ Lanka වැනි සන්නාම කිහිපයකින් තම නිෂ්පාදන හඳුන්වා දී ඇත. මෝටර් රථ, මෝටර් සයිකල් සහ ස්කූටර් ඇතුළු වාහන රැසකට හොඳින් ගැලපෙන එන්ජින් ඔයිල් එම නිෂ්පාදන ගොනුවට ඇතුළත් ය. ඊට අමතරව වාහනවලට විශිෂ්ට කාර්යක්ෂමතාවක් සහ ක්‍රියාකාරීත්වයක් ලබාදෙන අතිරේක නිෂ්පාදන පෙළක් ද Chevron වෙතින් හඳුන්වා දී තිබේ.

    ඡායාරූපය - මෙම වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ  Chevron Lubricants Lanka PLC සමාගමේ  කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී මොහොමඩ් නජාම් සම්සුදීන් මහතා සහ රාජ් වාහන නියාමනය, බස් රථ ප්රවාහන සේවා සහ දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ් අමාත්  දිලුම් අමුණුගම මහතා.