October, 6, 2021
ඉහළ දක්ෂතා දක්වන විශ්ව විද්‍යාල සිසුන්ට උසස් අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ‘පිබිදුණු විසඳුමක්’
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවෙකු වන බ්‍රැන්ඩික්ස්, මෙරට උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් වෙනුවෙන් ‘රන් දරු අබිසෙස්’ නමින් විශේෂ ශිෂ්‍යත්වය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අත්වැලක් වෙමින්, රටේ අනාගත නැණවත් ශ්‍රම බලකාය වඩාත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.
වැඩසටහනේ ආරම්භය සංකේතවත් කරමින් පැවති උත්සවය, 2021 ඔක්තෝබර් 1 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රන් දරු අබිසෙස් වැඩසටහනේ ප්‍රථම ශිෂ්‍යත්වය, කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා සුදුසුකම් ලැබූ කේ. අක්ෂිකා සිසුවිය වෙත පිරිනමන ලදි. 2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගත් අක්ෂිකා, උසස් පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් වන තුරු මඩකලපුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ අතර, එම කාලය අතරතුර රැකියාවේදීද විශිෂ්ට කුසලතා ප්‍රදර්ශනය කළා ය.
මෙම උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සමාජයීය වශයෙන් වගකීම් සහගත ක්‍රියාවන් තුළින් ආදර්ශයක් ලබා දීමට බ්‍රැන්ඩික්ස් සමාගම දරන උත්සාහය අගය කළේ ය. “රන්දරු අබිසෙස් වැඩසටහන ඔස්සේ අධ්‍යාපනයට අත්වැලක් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රැන්ඩික්ස්ට සමාගමට ස්තූතිය පළකර සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලැබීම ඉතාමත් වැදගත්. බ්‍රැන්ඩික්ස් මේ සම්බන්ධයෙන් සාර්ථක ඉදිරි පියවරක් තබා තිබෙනවා. මඩකලපුවේ සිට අද මෙහි පැමිණ සිටින, බ්‍රැන්ඩික්ස් වැනි සමාගමක සහයෝගය ඇතිව තම උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වාසනාව ලැබූ අක්ෂිකා මුණ ගැසීමට ලැබීම මට සතුටක්. සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයේ සීමාවෙන් එපිට පැතිමානයන් තුළ සිසුන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම සඳහා ඉදිරියටත් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස බ්‍රැන්ඩික්ස් සමාගමට මා ආරාධනා කරනවා. පවතින තත්ත්වය හමුවේ පවා මෙරට තුළත් විදේශයන්හිදීත් ඉතා හොඳින් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට සමත් වීම පිළිබඳව සමාගමට සුබපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා අතර, සමාගමේ ඉදිරි කටයුතු තවතවත් සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කිරීමටත් මා කැමතියි.” දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසී ය.
රජයේ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසු සිසුවියන් අතරින් විශාල පිරිසක් උසස් අධ්‍යාපනය තුළදී විවිධ බාධකවලට මුහුණ දෙති. එමඟින් ඔවුන්ට රැකියා සොයාගැනීමේදී මෙන්ම, වෘත්තීය දියුණුව ළඟා කරගැනීමේදීද විවිධ දුෂ්කරතා මතු වේ. මීට පිළියමක් වශයෙන්, බ්‍රැන්ඩික්ස් ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට ඇතුළත් ප්‍රදේශ වල පදිංචි, උසස් පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දක්වන සිසු සිසුවියන් වාර්ෂිකව තෝරාගෙන, ඔවුන්ගේ වසර 4 ක විශ්ව විද්‍යාල අධ්‍යාපන කාලයේ ඔවුන්ට සහය වීමට ‘රන් දරු අබිසෙස්’ වැඩසටහන කටයුතු කරයි. මෙහි ප්‍රථම අදියර යටතේ දිස්ත්‍රික්ක 8 ක සිසු සිසුවියන් 18 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමේ.
“අපගේ පරමාර්ථය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා සෑම දිනකම පාහේ අප දරන උත්සාහයේදී, අපගේ සියලුම පාර්ශවකරුවන් වෙත පිබිදුණු විසඳුම් තිළිණ කිරීමට බ්‍රැන්ඩික්ස් සමාගම කැපවී සිටිනවා. ව්‍යාපාරකරණයේ සීමාවන් ඉක්මවා යමින් ජනසමාජයට මෙන්ම පරිසරයට යහපතක් සිදුකළ හැකි තිරසාර වැඩ රාමුවක් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබෙන්නේ ඒ නිසයි. අධ්‍යාපනය යනු අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ එක් ප්‍රධාන අංශයක්. එහි නවතම පියවර වන්නේ මෙම ‘රන් දරු අබිසෙස්’ වැඩසටහනයි. රටේ දක්ෂතා සහිත දරුවන්ට, ආර්ථික ගැටලු සහ අනෙකුත් අභියෝග හමුවේ නොසැලී අධ්‍යාපනය ලැබීමේ හැකියාව ලබාදීම සඳහා අප මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූවා. එමෙන්ම මෙම වැඩසටහනට අරමුදල් සම්පාදනය කරමින්, සහ ඊට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට පෙරමුණ ගනිමින්, ‘අබිසෙස් ශූරයන්’ බවට පත්වීමට අපගේ කාර්ය මණ්ඩලයටත් සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ හැකියාවන් අතිවිශාලයි. ඒ හැකියාවන් වැඩිදියුණු කරගනිමින් අනාගත නායකයන් බවට පත්වීම සඳහා මෙම වැඩසටහන ඔවුන්ට මහඟු අත්වැලක් බවට පත්වේවි කියා අප සිතනවා.” බ්‍රැන්ඩික්ස් සමූහයේ සමාජ සත්කාර අංශ ප්‍රධානී මාලිකා සමරවීර මහත්මිය පැවසුවා ය.
පුද්ගලයන්ට තම අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරී වන අධ්‍යාපනයක් බාධාවකින් තොරව ලබාගැනීමට හැකිවන පසුබිමක් නිර්මාණය කිරීම, බ්‍රැන්ඩික්ස් සමාගමේ සමාජ සත්කාර ක්‍රමෝපායේ ප්‍රධාන අංගයක් වී ඇත. එය ගුණාත්මක අධ්‍යාපනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය සමඟද සමපාත වේ. මෙම අරමුණ ඉටුකරගැනීමේ මූලික පියවරක් වශයෙන්, බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්ය මණ්ඩලයේ දරුවන් අතරින් 5 වසර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන දරුවන්ට මුල්‍යමය අත්වැලක් ලබාදීම සඳහා 2010 වසරේදී ‘රන් දරු ශිෂ්‍යත්ව’ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ඉන් අනතුරුව, පෙර පාසල් අවධියේ සිට 5 වසර දක්වා දරුවන්ට පාසල් බෑග්, ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීම සඳහා 2016 වසරේදී ‘රන් දරු තිළිණ’ වැඩසටහන හඳුන්වා දීම සිදු විය. බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික හා වෘත්තීය දියුණුවට අදාළ සැලසුම් වලදී ඉගෙනුම හා සංවර්ධනය සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර, ඒ වෙනුවෙන් 2012 වසරේදී සාමාජිකාවන් වෙනුවෙන් වූ Gap Inc. P.A.C.E. (Personal Advancement & Career Enhancement) වැඩසටහන සහ විධිමත් අධ්‍යාපන සුදුසුකම් සපුරා නොමැති සාමාජික සාමාජිකාවන්ට වෘත්තීය පුහුණුවක් ලබාදෙමින් ඔවුන්ට වෘත්තීය දියුණුව සාක්ෂාත් කරගැනීමට අත්වැලක් වීම සඳහා 2018 වසරේදී දියත් කරන ලද ‘බ්‍රැන්ඩික්ස් ශිල්ප’ වැඩසටහනද ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත.
සේයාරුව - අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රථම රන් දරු අභිෂේක ශිෂ්‍යත්වය කේ. අක්ෂිකාට සංකේතාත්මකව පිරිනැමීම. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, Brandix Essentials ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර, බ්‍රැන්ඩික්ස් හි සමාජ සත්කාර ප්‍රධානී මාලිකා සමරවීර සහ බ්‍රැන්ඩික්ස් සමාගමේ සෙසු නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story