ගුවන් යානා එනතුරු රැඳී සිටින මගීන්ට මත්තල ගුවන්තොටුපළ සුවපහසු ආසන පනවයි

    October, 15, 2021

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන මගීන් හට සිය ගුවන් යානය පැමිණෙන තෙක් සුවපහසුව අසුන් ගැනීමට පහසුකම් සලසා ඇති බව මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිය නිල ෆේස්බුක් පිටුව හරහා දැනුම් දී සිටී.

    "You can sit back and relax in comfortable red velvet seats while you await for your flight", යනුවෙන් එහි දැක්වේ.

    මේ අතර ඊයේ (14) දින සිට මත්තල සිට මාලේ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සෘජු ගුවන් සේවා අරඹන බව මීට පෙර නිවේදනය කර තිබුණි.