ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම මෙන්න. වටිනාකම රු. බිලියන 400 ඉක්මවයි

    October, 25, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් බිලියන 400 සීමාව ඉක්මවා ගිය පළමු සමාගම බවට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී පසුගියදා අභිසෙස් ලැබීය.

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ‌කොටසක මිල රු. 209.00 ලෙසින් පසුගිය සිකුරාදා (22) සටහන් වූ අතර ඒ සමඟම එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 408.57 ක් ලෙසින් වාර්තා විය.

    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ‌මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ ඇති අතර රු. බිලියන 309.94ක වටිනාකමක් එම සමාගමට ලැබී ඇත.

    රු. බිලියන 264 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑනස් පීඑල්සී මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත තෙවන විශාලතම සමාගම වේ.

    පසුගිය සිකුරාදා (22) දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 4.41 ක් හෙවත් රු. බිලියන 4,418.42 කි.