ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානලාභී අලෙවිකරණ ව්‍යාපාරයක් ආරම්භ කරයි

    October, 25, 2021

    ශ්‍රීලංකන් ගුවන් සමාගම, වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා විශේෂ අලෙවිකරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ‘Next Door Neighbor’ යනුවෙන් නම් කර ඇති මෙය ඉන්දියානු සංචාරකයන්ගේ ආකර්ශණය දිනා ගැනීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් පසුගිය වසරේ 2020 PATA සම්මාන උළෙලේ දී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.මෙහිදී ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලෙවි කරණ ව්‍යාපාරය යටතේ ඉදිරිපත් කළ Next Door Neighbor සහ Serendipity Next Door යන අලෙවි කරණ ව්‍යාපාරයට ‘අලෙවිකරණ වාහකයා’ (‘Marketing Carrier’) තේමාව යටතේ මෙම රන් සම්මානය හිමිවිය.

    මේ වන විට සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්ධන එන්නත් ලබා ගෙන ඇති සංචාරකයින්ට නිරෝධායනය සහ පැමිණීමේ දී විශේෂ පරීක්ෂාවකින් තොරව ඔවුන්ගේ අපේක්ෂිත ගමනාන්ත වල අත්දැකීම් ලබාගැනීමට හැකියාව පවතියි. ඒ අනුව දැනටමත්  ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ රෙගුලාසි ලිහිල් කර ඇති මොහොතක ගුවන් සමාගම ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රචාරණයක් මෙලෙස නැවත ආරම්භ කර තිබේ. වර්තමානයේදී, ඉන්දියාවේ  පුරවැසියන්ගෙන් මිලියන 279 ක් ඒනම් මුළු ජනගහනයෙන් 20% කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් ලබා ඇති සිටින අතර එමඟින් ජාත්‍යන්තර සංචාර සඳහා නැවත පිබිදීමක් ඇති වී තිබේ.

    ශ්‍රී ලංකාවට සංචාරක පැමිණීම් පිළිබඳ දත්ත අනුව ඉන්දියාව ප්‍රමුඛතම සංචාරක වෙළෙඳපොළ පහෙන් එකක් වී ඇති අතර, 2019 මුළු සංචාරක පැමිණීමේ සංඛ්‍යාවෙන් සියයට 18% කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන් වීම විශේෂත්වයක්. ඒ සඳහා  ශ්‍රී ලංකන් ගුවන් සේවාව  විශාල ශක්‌තියක් ලබා දෙන ලදී. පසුගිය වසරේ පළමු ගෝලීය සංචාරක අගුලු දැමීම සිදු වන අවස්ථාවේ දී, ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් 100 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ අතර, වර්තමානයේදී ගුවන් සේවාව ඉන්දියාවේ නගර 9 ක මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඉදිරියේ දී ගුවන් සේවය සංචාරකයින්ගේ සම්බන්ධතාවය  සහ ගුවන් සංඛ්‍යාත වැඩි කිරීමේ අපේක්ෂාවෙන් සිටියි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙම නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ඉන්දියාවේ ප්‍රධාන නගර 8 ක ගුවන්විදුලි නාලිකා, දැන්වීම් පුවරු, සහ ඩිජිටල් මාධ්‍ය හරහා මාස තුනක කාලයක් විකාශනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

    මෙම ප්‍රචාරණ ඉන්දියානු සංචාරකයින්ට වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකාව නැරඹීමට කෙරෙන ආරාධනයක් වේ. එය ශ්‍රී ලංකාවේ බහුවිධි මුහුණුවරකින් යුත් ආකර්ශනීය ස්ථානවල සුන්දරත්වය එළිදක්වන අතර, මූලික වශයෙන් නිවාඩු ගත කරන්නන්ගේ සිත් ඇදගන්නා අයුරින් නිර්මාණය කර තිබේ.  ඒ් සඳහා ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ජැකලින් ෆර්නැන්ඩස් ගේ දර්ශනද ඇතුළත් කර තිබේ. එය මූලික වශයෙන් ඉන්දියාවේ සංචාරක කණ්ඩායම් ඉලක්ක කර ගත් නිර්මාණයක් වන අතර  සිත් ඇදගන්නාසුළු හෝ සන්සුන් ගමනක් සඳහා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ගමනාන්තයක් බව එමගින් පෙන්නුම් කරයි.