ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ටයර් ප්‍රසම්පාදනය කිරීම
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික අවශ්‍යතාව වන නව නිෂ්පාදිත ටයර් කට්ටල 21,600ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස විවෘත තරගකාරි ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 02ක් ඉදිරිපත් වී ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සීමාසහිත සියැට් - කැලණි ජාත්‍යන්තර ටයර් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඡායාරූපය - 2019 වසරේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමවරට නිෂ්පාදිත ට‍්‍රක් සහ බස් රථ රේඩියල් ටයර වෙළඳපොළට හඳුන්වාදීම නිමිත්තෙන් පැවති උත්සවයේදී සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා (මැද), විධායක අධ්‍යක්‍ෂ රොහාන් ප‍්‍රනාන්දු මහතා (වමේ) සහ කළමනාකරණ අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා