කටුනායකට කාමර 100ක තරු පංතියේ හෝටලයක්. ආයෝජනය ඩොලර් මිලියන 18ක්

    November, 1, 2021

    කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මුල්කරගනිමින් කාමර 100 කින් සමන්විත අංගසම්පූර්ණ හෝටලයක් ඉදි කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

    විශේෂයෙන් ගුවන්මගීන් සදහා අතරමැදි සුඛෝපභෝගි හෝටලයක් ලෙසද භාවිතා කළහැකි මෙම හෝටලය ඉදිකිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල හොටෙල් සමාගම (Colombo International Airport Hotels Pvt. Ltd ) ඇමරිකානු ඩොලර් මිලියන 18.2 ක මුදලක් ආයෝජනය කරයි.

    ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි  සභාපති සංජය මොහොට්ටාල මහතා සහ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල හෝටල් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති රුවන් පෙරේරා යන මහත්වරුන් අදාල ගිවිසුම් හුවමාරු කරගත් අයුරු.