November, 1, 2021
Tesla සහ SpaceX සමාගම් හි සම නිර්මාතෘවරයා වන එලොන් මස්ක් ලොව මෙතෙක් ඉහළම ධනස්කන්ධයකට හිමිකම් කියනු ලබන පුද්ගලයා බවට පත්ව ඇති බව Forbes තහවුරු කරයි. මේ වන විට ඔහුගේ ශුද්ධ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 292.6 ක් ලෙසින් සටහන් වන අතර ඊට මෙම වසර තුළ දී එකතු වූ ඩොලර් බිලියන 122.3 ක් ඇතුළත් වේ.
ලොව මෙතරම් විශාල ධනයක් අත්කරගත් පළමු මිනිසා ලෙසින් එලොන් මස්ක් ඉතිහාස ගතවනු ඇත.
2020 වසරේ ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 80.71 කි. ඒ අනුව එලොන් මස්ක් සතු ධනස්කන්ධයේ ප්රමාණය ශ්රී ලංකාවේ ආර්ථිකය මෙන් තුන්ගුණයකටත් වඩා වැඩිය.
Forbes දක්වන පරිදි ලොව ඉහළම ධනවතුන් දස දෙනා පහත පරිදි වේ.

මෙම ලැයිස්තුවේ 11 වැනි ස්ථානය ඉන්දියාවේ මුකේෂ් අම්බානිට හිමිව ඇති අතර ඔහුගේ ශුද්ධ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 96.1 කි.
Video Story