තලපත්පිටියේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ICC ට

    November, 2, 2021

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලපත්පිටිය පිහිටි ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත ලබා දීම
    නාගරික සංවර්ධන අධිකාරියට අයත් තලපත්පිටිය පිහිටි අක්කර 2 පර්චස් 6.32ක් වන ඉඩමක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීම පිණිස 2020 ඔක්තෝබර් මස 19 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්මාණය, ඉදි කිරීම, මූල්‍යයනය, මෙහෙයවීම සහ පැවරීම යන පදනම යටතේ ආයෝජකයින් වෙතින් තරගකාරී පදනම මත යෝජනා කැඳවා තිබේ.
    ඒ සඳහා, ආයෝජකයින් තිදෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් "ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන්ස් කොන්සෝටියම් (පෞද්ගලික) සමාගම" (International Construction Consortium - ICC) ඉදිරිපත් කරන ලද යෝජනාව නිර්දේශ කර තිබේ.
    එම නිර්දේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ එකඟතාව ද ලබා දී ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම් කොටස, "ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන්ස් කොන්සෝටියම් (පෞද්ගලික) සමාගම" වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.