HealthX – ශ්‍රී ලoකාවේ ප්‍රථම වරට සියළු සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන සුවිශේෂී ඩිජිටල් app එක

    November, 8, 2021

    ශ්‍රී ලාංකීය ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දීමේදී මෙතෙක් අනුගමනය කෙරුණු සාම්ප්‍රදායික සහ අතිශයින්ම ප්‍රාථමික ක්‍රියාවලියට නවමු ඩිජිටල් මුහුණුවරක් එක් කරමින්, නවීන තාක්ෂණය කැටි කරගත් super app එකක් නිර්මාණය කිරීමට HealthX කණ්ඩායම සමත් වී තිබෙනවා. වෛද්‍යවරයෙක් හමු වීමට, බෙහෙත් නිර්දේශ කර ගැනීමට COVID 19 වසoගතය හේතුවෙන් පැවතුණු සියලු බාධක වලට අතිශය සාර්ථක විසඳුමක් සියලු ජනතාව වෙත අත් පත් කරදීමට මෙම HealthX super app එක දැනටමත් සමත් වී අවසන්.

    HealthX app එකෙහි මූලික අරමුණ වන්නේ අනාගත අභියෝග හමුවේ ශක්තිමත්ව මුහුණ දිය හැකි සෞඛ්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමයි. එමෙන්ම, රෝග වැළැක්වීමේ පියවර කෙරෙහි අවධානය යොමු කරමින් සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ශාරීරික යෝග්‍යතාවය වැඩි දියුණු කිරීමද මෙහි ප්‍රධාන පරමාර්ථයක් වෙනවා. කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ මුල් වරට නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ කාලයේ, සිය සෞඛ්‍ය අවශ්‍යතා සඳහා මහජනතාවට වෛද්‍යවරුන් වෙත යාමට ක්‍රමයක් නොතිබුණු අවස්ථාවක මෙම app එකෙහි මූලික සoකල්පය ගොඩ නැඟී තිබෙනවා. ඒ එක් එක් රෝගීන් ඉන්නා ස්ථානය අනුව, ඔවුනොවුන් සිටින ප්රදේශයට ආසන්නතම වෛද්යවරුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරවීම තුළින්. ඉතා සරල app එකක් ලෙසින් ආරම්භ කළ මෙම HealthX app එක අද වන විට නවීන පහසුකම් රැසක් සහිත super app එකක් බවට පත් වී තිබෙනවා.

    HealthX කණ්ඩායම මෙම app එක නිර්මාණය කිරීම තුළින් සිදු කර ඇත්තේ 'Butterfly Effect' න්යායය ප්රායෝගිකව ඔප්පු කිරීමයි. එනම්, සංකීර්ණ ක්‍රමවේදයකට, කුඩා / සරල දේ මගින් සෘජු නොවන බලපෑම් ඇති කළ හැකි බවයි. සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ විවිධ පැතිකඩයන් මෙම app එක හරහා ආවරණය කිරීමට HealthX කණ්ඩායම බලාපොරොත්තු වන අතර, මේ වන විටත් ඔවුන් තම ක්ෂේත්‍රය තුළ දැවැන්ත විප්ලවයක් සිදු කර ඇති බව මෙම කණ්ඩායමේ විශ්වාසයයි. ජනතාව ලෙඩ රෝග වලට අදාළ ප්‍රතිකාර වලට යොමු කිරීමට අමතරව, ලෙඩ රෝග වලින් වැළකී සිටීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කරන HealthX කණ්ඩායම මේ වෙනුවෙන් කටයුතු කරන්නේ “ප්‍රතිකාරවලට වඩා නිවාරණය යහපත්ය” (Prevention is better than cure) යන පරමාර්ථයෙන්ය.

    මෙසේ සෙමින්, නමුත් ක්‍රමානුකූල ගමනක් ආ HealthX කණ්ඩායම වඩාත් වේගවත් ප්‍රගතියක් අත් කරගන්නේ 2021 වර්ෂයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟයි. මැයි මාසයේ සිට මාස තුනක් ඇතුළත, මෙම app එක 12,000 කට අධික downloads ප්‍රමාණයක් වාර්තා කල අතර, ඒ අයට සේවය කිරීම සඳහා 400 කට අධික වෛද්‍යවරුන් පිරිසක් HealthX හා සම්බන්ධ විය. #Preventionbegins, #ThinkPreventive වැනි හෑෂ් ටැග් යෙදුම් යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරුණු සමාජ මාධ්‍යජාල ක්‍රියාකාරකම් හරහාද ඉතා විශ්වාසයෙන් යුතුව මෙම app එක වැළඳ ගත් විශාල පිරිසක් නිර්මාණය වූ බවත් වාර්තා වෙනවා.

    HealthX app එක සමග සම්බන්ධ වී සිටින වෛද්‍යවරුන් වෙතින් ඕනෑම සෞඛ්‍ය තත්ත්වයක් සම්බන්ධයෙන් වීඩියෝ උපදේශන සඳහා කාලය වෙන් කරවා ගැනීමට (appointments) අවස්ථාව සැලසෙනවා. මෙහිදී, රෝගීන් හට තමන්ගේ නිවසේ පිහිටීම (location) පදනම් කරගත් සායන විශේෂාංගය භාවිත කර, ආසන්නයේම සිටින වෛද්‍යවරයා වෙන් කරවා ගැනීමට හැකියාව ඇත. මෙපමණකින් නොනැවතී, රසායනාගාර සහ ෆාමසි පහසුකම් ද තම පරිශීලකයින් වෙත ළo කිරීමට HealthX app එක දැනටමත් සමත් වී තිබෙනවා. Apple App Store, Google Play Store හෝ Huawei AppGallery මගින් පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකි මෙම app එක LK Domain විසින් සංවිධානය කරන ලද Bestweb.lk තරගයෙන් කීර්තිමත් ජාතික සම්මාන දෙකක් ද දිනා ගෙන තිබෙනවා. HealthX හි ප්‍රයෝජනවත් සුවිශේෂාංග, ඉහළම නිමාව, සැකසුම සහ අත්කර ගත් ජනප්‍රියතාවය මෙම ජයග්‍රහණ වලට ඉවහල් වී තිබෙනවා.