February, 18, 2022
වෛද්‍ය නිර්දේශිත ඇස් කණ්නාඩි කාච නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා වන එසිලොර් සමාගමෙහි ශ්‍රී ලංකා ශාඛාව වන එසිලොර් ලංකා ආයතනය, දේශීය වෙළෙඳපොළට Essilor Essentials සහ Transitions Signature GEN 8 නමින් නවීනතම ඇස් කණ්නාඩි කාච වර්ග දෙකක් පසුගියදා හඳුන්වා දෙන ලදී.
එදිනෙදා භාවිතය සඳහා වඩාත් සුදුසු මධ්‍යම මිල පරාසයේ ඇස් කණ්නාඩි කාච පෙළක් ලෙසින් එළි දක්වන ලද Essilor Essentials පාරිභෝගිකයන්ගේ ජීවන රටාව අනුව Everyday සහ Active නමින් වර්ග දෙකකින් ලබා ගත හැකි වේ. මෙම පේටන්ට් බලපත්‍රලාභී Full Back Surface (FBS) ප්රගතිශීලී කාච පහසුවෙන් පැළඳීමට හැකි අතර Essilor Essentials ඇස් කණ්නාඩි කාච පෙළ සීරීම්, දූවිලි, ජලය සහ පරාවර්තනයෙන් ආරක්ෂා වන Crizal ආලේපන සමඟින්ද ලබා ගත හැකිය. එමෙන්ම මෙම ඇස් කණ්නාඩි කාච පෙළ අහිතකර UV කිරණ සහ පරාවර්තිත ආලෝකය අවහිර කරන අතර විශේෂයෙන් වැඩි දියුණු කරන ලද මධ්‍යම දුර කලාපයක් සහිත Essilor Essentials Accord සහ ඉතාමත් පහසුවෙන් පැළදිය හැකි Essilor Essentials Assent යන වර්ග දෙකකින් ද සමන්විත වේ.
Transitions Signature GEN 8 ඇස් කණ්නාඩි කාචය, රෝගීන් සඳහා ප්රශස්ත ආලෝක කාචයක් ලබාදීමට එසිලොර් සමාගම විසින් වසර ගණනාවක් පුරාවට කරන ලද පරීක්ෂණවල ප්රතිඵලයකි. එම පර්යේෂණවලින් පෙන්නුම් කරන ලද්දේ රෝගීන් හට වේගය හෝ අන්ධකාරය වැනි එක් මානයක කාර්ය සාධනයක් නොව, මෙම සියලුම කාර්ය සාධනයන් එකම කාචයක් තුලින් අවශ්‍ය බවයි. ඒ අනුව නවීනතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම කාච නිර්මාණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එසිලොර් සමූහයේ දේශීය කළමණාකාර එන්.එස්. රාඝවන් ප්‍රකාශ කළේ, “දෘෂ්‍යාබාධ යනු සුළු අපහසුතාවයේ සිට බරපතල වෛද්‍ය තත්වයන් දක්වා වෙනස් විය හැක ලොව පුරා පැතිරුණු ගැටලුවක්. එසිලොර් සමාගමෙහි අරමුණ වන්නේ අපගේ නිෂ්පාදන සහ විසඳුම් හරහා සෑම කෙනෙකුගේම පෙනීම ආරක්ෂා කිරීම සහ නිවැරදි කිරීමයි. ලොව පුරා බිලියන 7.4 කට අධික පිරිසකට අක්ෂි ආරක්ෂණ විසඳුම් සපයමින් ඔවුන්ගේ පෙනීම ආරක්ෂා කිරීමට අප කැපවී සිටිනවා. නවෝත්පාදනය අප ආයතනයේ වර්ධනයට හේතුවන ප්‍රධානම සාධකයක් වන අතර අප නවතම ඇස් කණ්නාඩි කාච තාක්ෂණය නිරන්තරයෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙනු ලබනවා. Essilor Essentials ඕනෑම කෙනෙකුට එදිනෙදා භාවිතයට සුදුසු වන පරිදි දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඇස් කණ්නාඩි කාච පෙළක් වන අතර ඔර්බිසඑසදබි Transitions Signature GEN8 රෝගීන්ට අවශ්‍ය සියලුම ප්රතිලාභ සපයන විශේෂිත කාචයකි.
එසිලොර් ලංකා පෞද්ගලික සමාගම (ELPL), ප්‍රංශයේ එසිලොර් ආයතනයට අනුබද්ධිත එසිලොර් ඉන්දියා සමාගමෙහි හවුල් ව්‍යාපාරයකි. ELPL යනු Essilor සන්නාමය යටතේ Varilux, Transitions, Crizal UV, Crizal Forte UV, Prevencia, Eyezen, Xperio, Airwear සහ අනෙකුත් Essilor සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් ඇස් කණ්නාඩි කාච නිෂ්පාදකයා සහ බෙදාහරින්නා වේ. මෙම නිෂ්පාදන දිවයින පුරා සියලුම ප්‍රධාන අක්ෂි වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සහ අක්ෂි ආරක්ෂණ සේවා සපයන්නන් වෙතින් ලබා ගත හැකිය.
Video Story