සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතිය අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට

    March, 18, 2022

    රසායනික චිකිත්සාවට භාජනය වන කාන්තාවන්ගේ හිසකෙස් අහිමි වී යාම පිළිකාව හා සටන් වදින ඔවුන්ගේ ජීවන ගමනේ දී මුහුණ දීමට සිදු වන කම්පන සහගතම​ අත්දැකීමකිරසායනික චිකිත්සා ප්රතිකාරය ආරම්භ කර සති 02 - 04 කට පසු හිසකෙස් වැටීම සිදු වන අතර මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවන කාන්තාවන්ට හැකි සෑම ආකාරයකින්ම සහාය වීම අත්යවශ්යය​. මෙම කාන්තාවන් දිරි ගැන්වීමේ අවශ්යතාව අවබෝධ කර ගත් කුමාරිකා, ඔවුන්ගේ අරමුණ මූලික කර ගත්  "සොඳුරු දිරියවන්ති" වැඩසටහන තුළින්   ස්වභාවික හිසකෙස්  යොදා සැකසු කේශ පළඳනා 6000 care packs පරිත්යාග කිරීමට කටයුතු කරයිඋරහිස් මට්ටම දක්වා දිගකින් යුතු මෙම කේෂ පළඳනාවල  අවශ්ය ලෙස සකසා ගත හැකි පටියක් ද තිබේකුමාරිකා ෂැම්පු සහ කන්ඩිශනර්, කුමාරිකා හෙයා සේරම් සහ කුමාරිකා  හෙයා ඔයිල් යන  නිෂ්පාදන ඇතුළු පිළිකා රෝගීන් හට වැදගත් වන  මඟ පෙන්වීම් සහිත පොත් පිංචක් ද මෙහි ඇතුළත් වේ.

    මෙම ජාතික ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස​ care packs  50ක් පරිත්‍යාග  කරමින් මහනුවර ජාතික රෝහලේ දී ආරම්භ වූ අතර මෙය අඛණ්ඩව මාසිකව සිදු කරනු ලබයි. මෙම වැඩසටහන  ශ්රී ලංකාවේ ප්රථම වතාවට සිදුවන කර්තව්යයක් වන අතර ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමග සෞඛ්ය අමාත්යංශය සහ ශ්රී ලංකා පිළිකා රෝග විද්යාලයේ දසහයෝගය සමඟින් මෙම  ව්යාපෘතිය සිදු කරනු ලබයි.

    මෙම අවස්ථාව සඳහා (වමේ සිට): වෛද්ය දුලානි, වෛද්ය නිලධාරිනි සහන සත්කාර ඒකකය,  ඉන්දිරා පිළිකා භාරයේ කණ්ඩායම් සාමාජිකයන්, නියෝජ්ය අධ්යක්ෂ - පිළිකා රෝග විශේෂඥ වෛද්ය ඉරේෂා ප්රනාන්දු, පිළිකා රෝග විශේෂඥ වෛද් A. J. හිල්මි, පිළිකා රෝග විශේෂඥ වෛද් M. චෙන්තුරන්,හීමටෝ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද් S. L. කන්දේගෙදර, වෛද්ය නිලුපුලි ගුණවර්ධන, වාට්ටු 49 භාර හෙද සොයුරිය - සුසිලා හේරත්, හෙද භාර අනෝමා, හීමටෝ පිළිකා සායනය, කුමාරිකා කණ්ඩායම, හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, පිළිකා රෝග සායනය භාර හෙද නිලධාරිනි, චාන්දනී ධර්මරත්න සහභාගි විය.