April, 1, 2022
රයිගම් ටෙලීස් 2020/21, ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය 17 වැනි වරටත් පසුගිය 26 වැනිදා සවස කොළඹ ශැන්ග්රී-ලා හෝටල් පරීශ්‍රයේදී පැවැත්විණි. "දෙවසරක රස" යන තේමාව යටතේ පැවති මෙවර සම්මාන රාත්‍රියේ ආරාධිත අමුත්තන් වූයේ ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙනිය මහතා සහ ප්‍රවීණ රංගනවේදිනී ශ්‍රියානි අමරසේන මහත්මිය යි.
මෙම සම්මාන උළෙලෙහි සහයෝගිතා හවුල්කරු ලෙස හෙට දින එලිය කරන සම්පත් බැංකුව කටයුතු කළ අතර ඊට සමගාමීව සම්මාන රාත්‍රියෙහි පිළිගැනීමේ දේශනය පැවැත්විම සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආයතනික බැංකු කටයුතු අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය විසින් සිදුකළාය.
එදින සම්මානලාභීන් හා සම්මාන සඳහා නිර්දේශලාභීන් සියලුම දෙනා වෙත රු. මිලියනය බැගින්වූ ජීවිත රක්ෂණ ආවරණයක් සමඟ රු.100,000 බැගින්වූ රෝහල් ගාස්තු රක්ෂණ ආවරණයක් තිළිණ කිරීමට කටයුතු කළේ අලියාන්ස් රක්ෂණ සමාගමයි.
17 වන රයිගම් ටෙලීස් උළෙල සඳහා තාක්ෂණික දායකත්වය ලබා දීමට ඉමැජින් එන්ටර්ටේන්මන්ට් ආයතනය කටයුතු කර තිබූ අතර ආර්යා Plus, Stone & String, Salon Nayana එදින රාත්‍රිය වර්ණවත් කිරීම සඳහා දායකත්වය ලබා දීමට කටයුතු කළ සෙසු ආයතනයන් විය.
2020 සහ 2021 යන දෙවසර වෙනුවෙන් අදියර 7ක් යටතේ පිළිවෙලින් සම්මාන 47ක් සහ 57ක් මෙවර සම්මාන උළෙලේදී පිරිනමන ලදි. මීට අමතරව මියගිය කලාකරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් උපහාර ගී එකතුවක් ද ගායනා කෙරුණි.
නිරන්තරයෙන් නැවුම් දේ රැගෙන එන රයිගම් ටෙලීස් මෙම වසරේදී නවතම සම්මාන කුලකයක් හඳුන්වා දී තිබුණි. එනම් වසරේ වඩාත් ජනගත රූපවාහිනී මාධ්‍ය වැඩසටහන, ටෙලි නාට්‍යය හා ප්රවෘත්ති විකාශය සම්මානයට ප්‍රාප්ත කිරීමයි. මෙම සම්මාන කුලකය මෙරට ටෙලි හෝ සිනමා සංස්කෘතියට නවතම අංගයක් වූ අතර මෙවැනි තෝරාගැනීමක් වෙනුවෙන් පුළුල් ජනතා සමීක්ෂණයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය වාර්තාගත වීම ද, විශේෂත්වයකි.
මෙලෙස වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන් තෝරා ගැනීමේ භාරදූර වගකීම විශේෂ කමිටුවකට පැවරී තිබුණ අතර එම කමිටුවේ ප්‍රධානත්වය සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විසින් දරණු ලැබුවේ ය.

Video Story