එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ වෙතින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සඳහා ආකර්ෂණීය අවුරුදු දීමනා

    April, 12, 2022

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, අවුරුදු සමය වෙනුවෙන් ප‍්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා රැසක් ගෙන එයි.

    HSBC, HNB, NTB සහ සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට අපේ‍්‍රල් මස 30 වනදා දක්වා ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි සඳහා 15% ක වට්ටමක් ලබා ගත හැකි අතර සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට අපේ‍්‍රල් මස 20 වනදා දක්වා ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි සඳහා 15% ක වට්ටමක් ලබා ගත හැකිය. මෙම විශේෂ වට්ටම් යටතේ පාරිභෝගිකයින්ට Michael Kors, Prada, Gucci, Vogue, Ray Ban, Polo Ralph Lauren, PolarSun වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිළි රැසක්ම තෝරා ගැනීමේ හැකියාව පවතී. එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ප‍්‍රදර්ශනාගාර හරහා මෙම විශේෂ වට්ටම් ලබා ගත හැක.

    එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ප‍්‍රදර්ශනාගාර මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඩුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ‍්‍රවණ නිපැයුම් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. තත්වයෙන් ඉතාමත් උසස් ප‍්‍රංශයේ Essilor කාච ඇතුළු විවිධ වර්ගයේ ඇස් කණ්ණාඩි කාච ද එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය වෙතින් ලබා ගැනීමේ හැකියාව තිබේ. තවද සියළුම ශාඛාවන් අක්ෂි පරීක්ෂණ සඳහා උපයෝගී කර ගැනෙනා උසස්ම තාක්ෂණයේ යන්ත්‍රෝපකරණ වලින් සමන්විත වෙයි. මෙහිදී පාරිභෝගිකයින්ට ඩෙන්මාකයේ නිෂ්පාදිත ලොව ප‍්‍රචලිත Beltone ශ‍්‍රවණාධාර ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

    වර්ෂ 1917 සිට සියවසකට අධික කාලයක් පුරා ශ‍්‍රී ලාංකික අක්ෂි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්‍රෝපකරණ භාවිතා කරනා පුරෝගාමියෙක් වන එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච, ශ‍්‍රවණාධාරක සහ ශ‍්‍රවන පරීක්ෂණ පාරිභෝගිකයන් හට ලබාදීමට කටයුතු කරයි.