May, 24, 2022
ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමක් වන සෆිලෝ සමූහය විසින් Carrera සන්නාමයේ 65 වැනි සංවත්සරය වෙනුවෙන් “Buying Day” සහ “Carrera Eyewear Night” යනුවෙන් සංවිධානය කරන ලද විශේෂිත වූ උත්සව දෙකක්, ශ්‍රී ලාංකීය අලෙවි නියෝජිතයින් සහ ප්රමුඛ පෙළේ දෘෂ්ටි සේවා ආයතන වල සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වීය.
සෆිලෝ සමූහ ආයතනය විසින් Carrera, Polaroid, Seventh Street, Tommy Hilfiger, Levi's, Boss, Pierre Cardin, Hugo සහ අනෙකුත් බලපත්‍රලාභී සන්නාමයන්හි නවතම ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි එකතුව ශ්‍රී ලාංකීය දෘෂ්ටි සත්කාර ක්ෂේත්රයේ වෙළඳ හවුල්කරුවන් සහ ප්රමුඛ පෙළේ ආයතන සඳහා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු විය. නවීනපන්නයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි විලාසිතා දැක්මකින් සහ ඇදගන්නාසුළු ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වූ මෙම උත්සවයේ දී ශ්‍රී ලාංකීය දෘෂ්ටි සත්කාර ක්ෂේත්රයේ වෙළඳ හවුල්කරුවන් හට නවතම ජාත්‍යන්තර ප්රවණතා, නව්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක්ද ලබා දෙන ලදී.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් සෆිලෝ සමූහයේ නියෝජිතයෙකු ප්‍රකාශ කරන ලද්දේ, “මෙවර ‘Buying Day’ සැසිය Carrera සන්නාමයේ 65 වන සංවත්සර සැමරුම් උත්සවයේ කොටසක් ලෙස සංවිධානය කරන ලද්දක්. එය අපගේ අලෙවි නියෝජිතයින් හමුවී අදහස් හුවමාරු කර ගැනීමට අපට අවස්ථාව සලසා දුන් මනාව සංවිධානය වූ උත්සවයක්. මෙම සැසිය හරහා, අපගේ අලෙවි නියෝජිතයින්ට නවතම ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි මෝස්තර සහ ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීමට නියමිත නිෂ්පාදන තෝරාගෙන ඇණවුම් කිරීමට හැකියාව ලැබුණි. මෙම නව නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අපගේ වෙළඳ හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වනු ඇතැයි අපට විශ්වාසයි.”
ඇස් කණ්ණාඩි රාමු නිෂ්පාදන පහසුකම සමඟින් 1878 දී ඉතාලියේ ආරම්භ වූ සෆිලෝ සමූහය අද වන විට අව් කණ්ණාඩි රාමු , ඇස් කණ්ණාඩි, සහ ක්‍රීඩා අක්ෂි පළඳනා නිර්මාණ සැලසුම්කරණය, නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම ආයතනයකි. 1956 සිට ප්‍රචලිත සන්නාමයක් වූ Carrera සන්නාම එකතුව CARRERA FLAG, CARRERA SIGNATURE සහ CARRERA ACTIVE ලෙසින් නිෂ්පාදන පරාස තුනකින් සමන්විත වේ. මීට අමතරව සෆිලෝ සමූහයට ජාත්‍යන්තර සන්නාම වන Polaroid, Smith සහ Seventh Street මෙන්ම බලපත්‍රලාභී සන්නාම වන Boss, Hugo, Fossil, Marc Jacobs, David Beckham, Chiara Ferragni, Isabel Marant, Tommy Hilfiger අයත් වෙයි.
Video Story