May, 27, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 වන සංවත්සරය නිමිත්තෙන් සියළුම ශාඛාවන්හි නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ කඳවුරු සංවිධානය කර තිබේ.
මේ වන විට කොල්ලූපිටිය, වැල්ලවත්ත, දෙහිවල, මාලඹේ, සහ කිරිබත්ගොඩ ශාඛාවල පවත්වාගෙන යනු ලබන මෙම අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ කඳවුරු ජූනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. ශ්‍රී ලාංකීය පුරවැසියන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින මෙවන් අවදියක, මෙම නොමිලේ පවත්වන අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍යය කඳවුරු මඟින් ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ඇස් පෙනීම සහ ශ්‍රවණය පරීක්ෂා කර, වඩා හොඳින් රැකබලා ගැනීමට අවස්ථාව සැලසේ. පරීක්ෂාවෙන් පසුව, එරික් රාජපක්ෂ ශාඛාවන් වෙතින් ලබා ගත හැකි තෝරාගත් අක්ෂි සහ ශ්‍රවණ සත්කාර නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් ද පිරිනමනු ලබයි. මෙම අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ කඳවුරු පිළිබඳ වැඩිදුර තොරතුරු 0115 355 555 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
මෙහිදී අදහස් දක්වමින් එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රජීව් රාජපක්ෂ මහතා පැවසුවේ, ”වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා සිටින ශ්‍රී ලාංකිකයන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටිනවා. මෙවැනි අවස්ථාවකදී, අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍ය පිළිබඳව බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවන නමුත් එය එසේ නොවිය යුතුයි. අපි අපගේ 105 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සඳහා වැයවන මූල්‍ය බර ලිහිල් කිරීමට සහ ඔවුන්ගේ අක්ෂි සහ ශ්‍රවණය වඩා හොඳින් රැකබලා ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතු බවට අප තීරණය කළා. ඔබගේත්, ඔබගේ ආදරණීයයන් සියලූ දෙනාගේත් අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍යය පරීක්ෂා කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස අප සියලූම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා.”
එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ශාඛාවන් මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඩුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ්‍රවණ නිපැයුම් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. තත්වයෙන් ඉතාමත් උසස් ප්‍රංශයේ Essilor කාච ඇතුළු විවිධ වර්ගයේ ඇස් කණ්ණාඩි කාච ද එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය වෙතින් ලබා ගැනීමේ හැකියාව තිබේ. තවද සියළුම ශාඛාවන් අක්ෂි පරීක්ෂණ සඳහා උපයෝගී කර ගැනෙනා උසස්ම තාක්ෂණයේ යන්ත්‍රෝපකරණ වලින් සමන්විත වෙයි. මෙහිදී පාරිභෝගිකයින්ට ඩෙන්මාකයේ නිෂ්පාදිත ලොව ප්‍රචලිත Beltone ශ්‍රවණාධාර ඉතාම සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
Video Story