ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වසරේ ඉහළම ජනාදරයට පත් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සන්නාමය සහ වසරේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්වෙයි

    June, 3, 2022

    දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින්  වසරේ ඉහළම  ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය,  ඉහළම ජනාදරයට පත් සාමාන්‍ය රක්ෂණ සන්නාමය සහ  වසරේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසද අඛණ්ඩව පස් වන වසරටද  බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් ඇගයීමට ලක්ව තිබේ.

    අඛණ්ඩව පස් වන වන වරටත් වසරේ වඩාත් අගනා රක්ෂණ සන්නාමය බවට පත්වූ සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ වෙළඳපල ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සාමාන්‍ය රක්ෂණ වෙළඳපල තුල පවත්නා රක්ෂණ අවශ්‍යතා වලට අනුකුලව සුවිශේෂී රක්ෂණ විසඳුම් හඳුන්වා දී තිබේ. එසේම සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ ප්‍රමුඛතම සන්නාමය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, මෝටර් රථ රක්ෂණ වෙළඳපල තුල සිය ආධිපත්‍ය තහවුරු කරමින් අනු සන්නාම රැසක් යටතේ විවිධ වෙළඳපල කාණ්ඩ රැසකට රක්ෂණ පහසුකම් රැසක් ලබාදෙයි.Bee Express හිමිකම් පියවීමේ පද්ධතිය රු. 75,000/- දක්වා වන හිමිකම් වැඩකරන පැය 3ක් ඇතුළතදී පියවීම සිදුකරන අතර රක්ෂණ ඔප්පු හිමියන්ට නිරවද්‍ය තක්සේරුවක් ලබාදීම සඳහා අවශ්‍ය ඉහළම තාක්ෂණික දැනුමින් සහ ප්‍රවීනත්වයෙන් සපිරි කාර්ය මණ්ඩලයකින් යුතුය. එසේම  ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් ඉහළ යන මාර්ග අනතුරු සහ මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ "Motor Plus Road Safety Heroes වැඩසටහන මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත්භාවය ඇතිකිරීම සඳහා ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විවිධ රක්ෂණ අවශ්‍යතා සඳහා සරිලන නවමු  ජීවිත රක්ෂණ විසඳුම් රැසක් හඳුන්වාදී ඇති අතර පාරිභෝගිකයන්ට  ජීවිත රක්ෂණ සඳහා ඇති ප්‍රවේශය වඩාත් පහසු කරමින්  සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් නවීකරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අඛණ්ඩව රක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම බෝනස් මුදල ප්‍රකාශයට පත් කරයි.

    එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය මෙහෙයුම් පද්ධති සහ පාරිභෝගික සේවා පද්ධතීන්  ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියෙහි ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජංගම දුරකථන ඇප් හරහා වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සමගින් නිරන්තරයෙන් වෙනස්වෙමින් වැඩිදියුණු කල විශේෂාංග රැසක් හඳුන්වා දී තිබේ.  එමෙන්ම අභ්‍යන්තර ක්‍රියාවලීන් වඩාත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කාර්යමණ්ඩලය සහ අලෙවි බලකාය බලගන්වමින් විශිෂ්ට සේවාවක් ලබාදීමට කටයුතු කරමින් සිටී.

    එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජනතාව සමගින් වඩාත් සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පිරිනමන රක්ෂණ සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජනතාවට වඩාත් සමීප වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.නව සාමාන්‍ය තත්ත්වය තුළ Covid 19 ට එරෙහිව යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සමඟ දියත් කරන ලද  Rising to New Norm වැඩසටහන එවන් තවත් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය.

    රක්ෂණයේ ප්‍රමුඛයා ලෙසින්  අභියෝගාත්මක කාලසීමාවන් වලදී එම අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව ඇති අතර ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් සඳහා නව මානයන් සටහන් කරමින් ශ්‍රී ලංකාවේ ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ  සන්නාමය ලෙසින් සහ ශ්‍රී ලංකාවේ ඉහළම ජනාදරයට පත්සාමාන්‍ය රක්ෂණ  සන්නාමය ලෙසින්  බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් සම්මානයට පත්ව තිබේ.