• Ada Derana BIZ Sinhala
  • Hemas
  • Hemas Consumer Brands
  • sri lanaka

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  සිය සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට කැපවී සිටියි

June, 27, 2022

වසංගත කාලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2021 වසර අවසන් වන විට 'නව සාමාන්' තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්රාදේශීය ප්රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්රී ලංකාවේ FMCG අංශයේ ප්රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම් හරහා පීඩාවට පත් වූ ප්රජාවන්ට සහාය වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  විසින්  ක්ෂණික සහ ස්ථාවර සහයෝගයක් මෙම ප්රජාවන්ට ලබා දුන් අතර, වියළි සලාක, පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන, ලිපි ද්රව්ය ඇතුළු තවත් දේ පවුල් සහ අනෙකුත් ප්රජාවන්ට පරිත්යාග කරන ලදිඅනුරාධපුර ප්රදේශයේ වියළි ආහාර ද්රව්ය බෙදා දීමක් සිදු කරන අතරතුරඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ද උපකාර කිරීමට සමාගම ඉදිරිපත් විය. පසුගිය කාර්තුව තුළ මධ්යම, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව යන ප්රදේශවල ප්රජාවන්ගෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 1000ක් වෙත බහුවිධ පරිත්යාග ලැබී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි  ව්යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්යක්ෂිකා සබ්රිනා යුසුෆාලී මෙසේ අදහස් දැක්වීය. “වසංගතය සහ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දිවයින පුරා සිටින ප්රජාවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙනවා. ප්රජාවන්ගේ යහපැවැත්ම නඟා සිටුවීමට හේමාස් හි අපි ඇප කැපවී සිටිනවාඅතිශය දුෂ්කරතා සහිත මේ කාලය තුළ, හේමාස් අපගේ බහුවිධ වේදිකා හරහා බලමුලු ගන්වන අතර එමඟින් සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා කඩිනමින් සහය ලබා දීමට අපට හැකි වේ.

ගුණාත්මක සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සීමිත ප්‍රවේශයක් සහිත තෙල්දෙණියේ පාසලකට පරිත්යාග කිරීමට හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් විසින්  කොළඹ විශ්ව විද්යාලයේ ලියෝ සමාජයට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන ලදිඑසේම සමාගම විසින් අතලේ ප්රදේශවාසීන්ට ආධාර පිණිස සෞඛ්ය කඳවුරකට  සනීපාරක්ෂක තුවා ලබා දීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ සහ විශාඛා විද්යාලයේ සමාජ සේවා සංගම් වෙත සහය ලබා දෙන ලදි.

වසර ගණනාවක් පුරා, හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් අවශ්යතා ඇති ශ්රී ලාංකේය ප්රජාවන්ට උපකාර කිරීමට කැපවී සිටින අතර ඉදිරි වසරවලදී ද එය අඛණ්ඩව සිදු කරනු ඇත.

 

Photo Caption : අනුරාධපුරයේ ප්‍රාදේශීය ප්රජාවකට වියළි සලාක පරිත්යාග කිරීම