• Ada Derana BIZ Sinhala
  • Ambalangoda
  • HNB Finance PLC
  • sri lanaka

HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව නව නිවහනකට

June, 29, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව පසුගිය ජුනි 8වන දින, අංක 97 ගාලූ පාර අම්බලන්ගොඩ (රොසෙත් හන්දිය) දරණ, ලිපිනයෙහි නව කාර්යාල, පරිශ්‍රයකට ගෙන යන ලදි.

නව පරිශ්‍රයට ගෙවදීම HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLC හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ.

නව පරිශ්‍රයට ගෙවදීමට සමගාමීව HNB FINANCE PLC රන් ණය සේවාවද අම්බලන්ගොඩ ශාඛාවෙහි අලුතින් ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර කල් බදු සේවා (Leasing) ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්‍යසේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.

"වඩාත් පහසුකම් සහිත නව පරිශ්‍රයට ගෙවදිමින් ඉන් සලසා දීමට අපේක්ෂිත සේවාවන් පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා, වසර දහහතකට අධික කාලයක් අම්බලන්ගොඩ හා ඉන් අවට පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා ඉටුකිරීම සඳහා අනුපමේය සේවාවක් HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව විසින් ඉටු කළ අතර මෙතැන් සිට අපගේ රන් ණය සේවා මධ්‍යස්ථානයෙන් ද වඩාත් ප්‍රශස්ත, විශ්වාසනීය හා ආකර්ශනීය සේවාවක් අම්බලන්ගොඩ සහ ඒ අවට ජනතාවට ඉටු කරනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් පැවසීය.