• Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanaka

පොසොන් පොහොය නිමිති කරගනිමින් සම්පත් බැංකුවෙන් පිංකම් රැසක්

July, 4, 2022

පසුගියදා නිමාව දුටු පොසොන් පුන් පොහොය දිනය නිමිති කරගනිමින් රටටත්, ජනතාවටත් සෙත් පැතීම අරමුණු කරගත් ශීල ව්‍යාපාරයක් ඇතුළු පින්කම් රැසක් සංවිධානය කිරීමට සම්පත් බැංකුවේ බෞද්ධ සංගමය කටයුතු කරනු ලැබීය. එහිදී සම්පත් බැංකු සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ගේ මෙන්ම විශ්‍රාමික සම්පත් බැංකු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පොසොන් පොහොය දින දවස පුරා සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී ශීල ව්‍යාපාරයක් පැවැත්වුණ අතර ඒ වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයකි. ඊට අමතරව දිවයින පුරා සම්පත් බැංකු ශාඛාවන් 21ක් මඟින් සංවිධානය කළ දානමය පිංකම් 21ක්ද සංවිධානය කර තිබූ අතර දිවයිනේ විහාරස්ථාන 21ක සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් එම දානය පිළිගන්වනු ලැබීය.

මීට අමතරව සම්පත් බැංකුව දිවයින පුරා ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ විවිධ පිංකම් වෙනුවෙන් සිය දායකත්වය දැක්වීමට කටයුතු කර තිබිණ.