• Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanaka

අභියෝගාත්මක සමාජ ආර්ථික පරිසරය මධ්‍යයේ පවා HNB පළමු අර්ධය තුළ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

August, 19, 2022

ඉතා අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් මධ්‍යයේ HNB සමූහය 2022 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 6.7 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.1 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම පළමු අර්ධයේ මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳ අදහස් දක්වන HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘මෙම අසාමාන්‍ය වෙළෙඳපොළ තත්වයන් සමස්ත බැංකු ක්ෂේත‍්‍රයටම නව අභියෝග රැසක් නිර්මාණය කර තිබෙනවා. බාහිර සාධක අඛණ්ඩව අවිනිශ්චිත බැවින් එම අවදානම් සාධක නිසා ඇති වන ඍණාත්මක බලපෑම අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත්. ඒ අතරම, අර්බුදකාරී අවස්ථාවකදී පවා මතුවන අවස්ථා සඳහා අප සූදානමින් සිටිය යුතුයි. අපගේ පාර්ශවකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීම කෙරෙහි අප අවධානය යොමු කර තිබූ බැවින් පළමු භාගය තුළ අප ලබා ගත් මෙම කාර්යසාධනය ඉතා සුවිශේෂීයි.’’ යනුවෙනි.

බැංකුවේ දළ ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 97.1 ක් බවට පත් වෙමින් 71%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පොළී ආදායමේ 53% ක වර්ධනයක්, ගාස්තු ආදායමේ 61% ක වර්ධනයක් සහ විනිමය ආදායමේ 349% ක වර්ධනයක් සඳහා හේතු වී ඇත. ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 23.2 සිට රුපියල් බිලියන 40.2 දක්වා සුවිශේෂී ලෙස වර්ධනය වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්‍ය ප‍්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප‍්‍රතිශතාංක 16 කින් පමණ ඉහළ යාමයි.

පළමු මාස 6 සඳහා ගාස්තු ආදායම රුපියල් බිලියන 7.3 දක්වා ස්ථාවර වර්ධනයක් වාර්තා කර ඇති අතර එයට ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු හා වෙළෙඳ කටයුතුවල ප‍්‍රශස්ත වර්ධනය ප‍්‍රධාන වශයෙන් දායක විය. අදාල කාල පරිච්ෙඡ්දය තුළ රුපියලෙහි අගය 80% කට වඩා අවප‍්‍රමාණය වීම හේතුවෙන් 2021 පළමු අර්ධයේදී සමස්ත විනිමය ආදායම රුපියල් බිලියන 3.4 සිට රුපියල් බිලියන 15.3ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව වාර්ෂික පදනම මත සලකා බැලීමේදී 100% වර්ධනයක් සමඟින් සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 දක්වා වර්ධනය කර ගැනීමට බැංකුව සමත්ව ඇත.

පසුගිය වසරේ වෙන් කරන ලද රුපියල් බිලියන 6x3ක හානි පූරණ ගාස්තුවලට සාපේක්ෂව මේ වසරේ පළමු මාස හය සඳහා බැංකුව රුපියල් බිලියන 40.1 ක සමස්ත හානි පූරණයක් වෙන් කර ඇත. ශ‍්‍රී ලංකා රජය විසින් විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගතකරණය පහළ වැටීම නිසා බැංකුව සතු විදේශ විනිමයන්ගෙන් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් සිදු විය හැකි රුපියල් බිලියන 27.3 ක හානි පූරණය අදාල කාල සීමාව සඳහා වූ සමස්ත හානි පූරණ ගාස්තුවට ඇතුළත් විය. අස්ථාවරත්වයන් සහ ආර්ථික සාධක සැලකිල්ලට ගනිමින්, 2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය තුළ වෙන් කරන ලද රුපියල් බිලියන 6.2 ක ප‍්‍රතිපාදනයට සාපේක්ෂව 2022 පළමු අර්ධය සඳහා ණය සහ අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 22.7 ක හානි පූරණ ගාස්තුවක් බැංකුව වෙන් කර ඇත. අදාල කාල පරිච්ෙඡ්දය සඳහා ලැබුණු විදේශ විනිමය ආදායමෙන් විදේශ විනිමය ණය සහ ආයෝජනවලට අදාලව රුපියල් බිලියන 10.8 ක මුදලක් පියවා ඇත. බැංකුවේ net stage III අනුපාතය 2021 දෙසැම්බර් අවසානය වන විට 2.55% සිට 2.46%ක් දක්වා වර්ධනය වී ඇත.

2022 පළමු අර්ධය සඳහා වන මෙහෙයුම් වියදම් 26% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.9 ක් වී ඇති අතර මුදල් අවප‍්‍රමාණය වීම, ඉහළ බලශක්ති පිරිවැය සහ වසර ආරම්භයේදී ක‍්‍රියාත්මක වූ වැටුප් සංශෝධනවලින් පසුව කාර්ය මණ්ඩල වියදම් ඉහළ යාම එයට ප‍්‍රධාන වශයෙන් හේතු විය. එසේ වුවද, බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය 23.5%ක් දක්වා ප‍්‍රතිශතාංක 14 කින් පමණ ඉහළ යාම හේතුවෙන් එම කාල පරිච්ෙඡ්දය තුළ සමස්ත මෙහෙයුම් ආදායම ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත.

2021 වසරේ සලකා බලන කාල කාලපරිච්ෙඡ්දය තුළ බැංකුවේ පිළිවෙලින් රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභය සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභය සමඟ සසඳන විට 2022 ජූනි මාසයෙන් අවසන් මාස හය සඳහා බැංකුව රුපියල් බිලියන 6.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 5.5 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.

2022 පළමු මාස 6 තුළ ලබා ගත් මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘2019 වසරේ සිට අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවනෝපායන් නැවත නගා සිටුවීමට අවශ්‍ය ප‍්‍රාග්ධනය ලබා දීම සහ පොළී සහන ලබා දීමෙන් HNB ඔවුන්ට සහාය වූවා. ගනුදෙනුකරුවන්ට ඔවුන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ හැකියාවට බලපාන දුර්වල ආර්ථික තත්වයන් සමඟින්, අපගේ ණය සහ අත්තිකාරම්වල සැලකිය යුතු හානි පූරණයක් අප වෙන් කරනු ලැබුවා. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කිරීමට පෙර, අපි 2022 පළමු භාගය තුළ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ ශ‍්‍රී ලංකා ස්වෛරී බැඳුම්කරවල ඇති අපගේ ආයෝජන සම්බන්ධයෙන් සැලකිය යුතු හානි පූරණයක් සිදු කරනු ලැබුවා. මෙය සමස්ත මෙහෙයුම් ආදායමේ සුවිශේෂී වර්ධනය විශාල වශයෙන් හේතු වුනා.’’ යනුවෙනි.

”මෑතකදී HNB සහ තවත් බැංකු හතක් ඇතුළත් බැංකු කණ්ඩායමක් විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙම බැංකුවල අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහා පොදු නීති උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට සිංගප්පූරුව පදනම් කරගත් නීති සමාගමක් පත් කරගනු ලැබුවා. බැංකු ක්ෂේත‍්‍රය ආර්ථිකයේ ජීවනාලිය වන බැවින් බැංකු ක්ෂේත‍්‍රයේ සුබසිද්ධිය උදෙසා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි විසඳුමක් බලධාරීන් විසින් තීරණය කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Image 01- HNB සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය

Image 02 - HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා