• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ සුළු පසුබැස්මක්

September, 23, 2022

සතියේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,964.80 ක් ලෙසින් වාර්තා විය. එය සතිය ආරම්භයේ සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම වූ ඒකක 10,061.09 ට සාපේක්ෂව සුළු පහළ යාමකි.

S&P SL 20 දර්ශකයෙහි ද පසුගිය සතිය තුළ දී ඒකක 3,237.32 සිට ඒකක 3,203.01 ක් දක්වා සුළු වශයෙන් පහළ යාමක් දක්නට ලැබිණි.

පසුගිය සතිය තුළ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 21.13 ක් වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 17.13 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 20.92 ක් ලෙසින් වාර්තා විය.

පසුගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින්ගේ වෙළෙඳපොළ සහභාගීත්වයද සක්‍රීය මට්ටමක පැවතුණ අතර මෙහිදී රු. බිලියන 4 ක විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් සටහන් විය. පසුගිය සතිය තුළ වාර්තා වූ සමස්ත විදේශීය විකුණුම් ප්‍රමාණය රු. මිලියන 215.38 කි.

සතිය තුළ මිල ඉහළ ගිය සමාගම් අතුරින් ඒසියා සියක කොමොඩිටීස්, ගෝල්ෆේස් කැපිටල් පාට්නර්ස්, රේඩියන්ට් ජෙම්ස් සහ ටී ස්මෝල් හෝල්ඩර් ෆැක්ටරීස් යන සමාගම් කැපී පෙනුණි.