• Active
  • Ada Derana BIZ Sinhala
  • amount
  • credit card
  • down
  • sri lanka

සක්‍රීය ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය පහළට

September, 26, 2022

මෙරට භාවිතයේ පවතින සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර නවතම වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව 2022 ජූලි මාසය අවසන් වන විට මෙරට භාවිතයේ පැවති 1,965,745 ක්වූ සත්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,963,705 ක් දක්වා කාඩ්පත් 2,040 කින් අඩු වී ඇත.

කෙසේවෙතත් මෙම කාලය තුළ දී මෙකී ක්‍රෙඩිට් කාඩ් සඳහා හිඟව ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.72 සිට රු. බිලියන 135.94 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.