• Ada Derana BIZ Sinhala
  • cse
  • foreign purchases
  • sri lanka
  • stock market

කොටස් වෙළෙඳපොළ පහළ යද්දී විදෙස් මිල දී ගැනීම් කැපීපෙනෙන ලෙස ඉහළට

September, 26, 2022

අද (26) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.59 ක කඩා වැටීමක් වාර්තා කළේය.

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,844.21 ක් ලෙස වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.11 කින් පහළ ගොස් ඒකක 3,156.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.

අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය.

එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබුණි.

අද දින සමාගම් 4කින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.71 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 78.41 ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 60.63 ක් හා රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. මිලියන 29.31 ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.

මීට අමතරව ලංකා IOC රු. මිලියන 464.01 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 346.17 ක් ACL කේබල්ස් රු. මිලියන 163.77 ක් හා රේනුකා ඇග්‍රි ෆුඩ්ස් රු. මිලියන 160.04 ක් ලෙසින් සාමාන්‍ය ගනුදෙනු හරහා දෛනික පරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, වැලිබල් වන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.