• Ada Derana BIZ Sinhala
  • Gold
  • Price
  • sri lanka

රන් මිල පහළට

September, 27, 2022

මෙරට රත්‍රං මිල ගණන් ක්‍රමිකව පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යාමක් අද (27) දිනයේ දීද වාර්තා වී ඇත.

මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.

පසුගිය අප්‍රේල් මාසයේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.