• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bills

රු. මිලියන 85,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

September, 28, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (28) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 22,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු වේ.