• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • issue
  • massive bond
  • sri lanka

මහ බැංකුව දැවැන්ත බැඳුම්කර නිකුතුවකට සැරසෙයි

September, 28, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (29) දිනයේ දී රු. මිලියන 145,000 ක දැවැන්ත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී.

2025, 2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකිරීමට නියමිත අතර මේ සඳහා පිළිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 35,000 ක් හා රු. මිලියන 70,000 ක් බැගින් වන බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බවත්, ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයකට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.