• Ada Derana BIZ Sinhala
  • gold prices
  • sri lanka

හෙට්ටි වීදියේ රන් මිල ඉහළට

October, 3, 2022

අද (03) පෙරවරුවේ දී කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 162,000 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර අද දින කැරට් 24 ක රන් පවුමක මිල වාර්තා වන්නේ රු. 175,000 ක් ලෙසයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ද පසුගිය සතියට සාපෙක්ෂව වැඩි වීමක් වාර්තා කරයි.

අද දින ගනුදෙනු අතරතුර රන් අවුන්සයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 1,664.50 ක් ලෙසයි.

පසුගිය සතියේ සැප්තැම්බර් 30 වන දා වන විට හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 162,800 දක්වා ත්, කැරට් 24 රන් පවුමක මිල රු. 176,000 ක් දක්වා ත් ඉහළ ගොස්  තිබුණි.

සැප්තැම්බර් 28 දා එම මිල ගණන් දැක්වුණේ කැරට් 22 රන් පවුමක් රු. 159,100 ක් හා කැරට් 24 රන් පවුමක් රු. 172,000 ක් වශයෙනි.